ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 7:8 - Sinhala New Revised Version

“බලන්න, නුඹලා වැඩකට නැති රැවටිලි වචන විශ්වාස කර ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“බලන්න, නුඹලා වැඩකට නැති රැවටිලි වචන විශ්වාස කර ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙන්න, නුඹලා ප්‍රයෝජන නොවන බොරුවචන කෙරෙහි විශ්වාසකරගන සිටින්නහුය.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 7:8
14 හුවමාරු යොමු  

ඔබ මරණය සමඟ ගිවිසුමක් කර ඇතැ යි ද පාතාල ලෝකය සමඟ එකඟත්වයකට පත්වී ඇතැ යි ද පාරට්ටු කරගන්නහු ය. ඔබේ ආරක්ෂාව සඳහා ඔබ බොරුවත්, වංචාවත් කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින් විපත්ති පැමිණෙන විට එයින් ඔබ බේරෙනු ඇතැ යි ඔබ සිතන්නහු ය.


ඔව්හු දිවැසිවරුන්ට නිහඬ වන්න කියමින් මෙසේ කියති: “හරි දේ ගැන අපට කතා නොකරන්න; අපට අසන්න ආසා දේ ගැන පමණක් කතා කරන්න; අපේ සිහින සිතුම්පැතුම් තබාගන්න අපට ඉඩ දෙන්න.


යුක්ති සහගත නඩු කියන, අවංක සිතින් උසාවියට යන කෙනෙක් නැත. ඔව්හු නිරර්ථක පැමිණිලි විශ්වාස කොට බොරු කියන්නෝ ය. නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහි කරන්නෝ ය. පොළොං බිජු රකින සේ,


ඔබ සමිඳුන් අමතක කළ බැවින්, අන් දෙවිවරුන් විශ්වාස කළ හෙයින් ඔබ හැමට මැන තිබෙන උරුමයත්, ඉරණමත් මෙසේ වන්නේ යයි සමිඳාණෝ වදාරන සේක.


බොරුවට දිවැස් වැකි කියන, තමන්ගේ සිත්හි මවාගත් දේ දිවැස් වැකි වශයෙන් පවසන, දිවැසිවරුන්ගේ සිත්වල මුසාව කොතෙක් කල් පවතී ද?


ස්වාමීන් වන මා වදාරන දේට සවන් දෙන්න. බොරු සිහින දිවැස් කීම් වශයෙන් ප්‍රකාශ කරමින්, තමන්ගේ බොරුවලින් ද හිස් පාරට්ටුවෙන් ද මාගේ සෙනඟ මුළා කරන දිවැසිවරුන්ට මම විරුද්ධ වෙමි. මම ඔවුන් නොයැව්වෙමි. ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


තවද, ජෙරමියා හනනියාට මෙසේ කීවේ ය: “හනනියා, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ එවා වදාළේ නැත. මිථ්‍යා මතයන් කෙරෙහි විශ්වාසය තබන්නට ඔබ මේ සෙනඟට සැලැසුවෙහි ය.


එවිට මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේ ජෙරුසලම් ජනයා සහමුලින් ම රැවටූ සේක: මන්ද, ‘සාමය ඇති වන්නේ ය’යි ඔබ වදාළ නමුත්, දැන් ඔවුන්ගේ ගෙලට කඩුව එල්ල වී ඇතැ”යි කීවෙමි.


දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”


‘මෙය සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය’යි කියන රැවටිලි වචන විශ්වාස නොකරන්න.


එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ට ද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්න අයට ද දෙන්නෙමි. මන්ද, ලොකු කුඩා අය සැවොම අයුතු ලාභ ගැනීමට කෑදර වෙති; දිවැසිවරුන් පටන් පූජකයන් දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.