Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 23:26 - Sinhala New Revised Version

26 බොරුවට දිවැස් වැකි කියන, තමන්ගේ සිත්හි මවාගත් දේ දිවැස් වැකි වශයෙන් පවසන, දිවැසිවරුන්ගේ සිත්වල මුසාව කොතෙක් කල් පවතී ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 බොරුවට දිවැස් වැකි කියන, තමන්ගේ සිත්හි මවාගත් දේ දිවැස් වැකි වශයෙන් පවසන, දිවැසිවරුන්ගේ සිත්වල මුසාව කොතෙක් කල් පවතී ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 බොරුවට අනාගතවාක්‍ය කියන්නාවූ, තමුන්ගේ සිත්වල වංචාව අනාගතවාක්‍ය කොට කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ සිතේ මෙය කොපමණ කල් පවතින්නේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 23:26
13 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “දිවැසිවරු මාගේ නාමයෙන් බොරු දිවැස් වැකි කියති. මා ඔවුන් එව්වේ වත්, ඔවුන්ට අණ කෙළේ වත්, ඔවුන්ට කතා කෙළේ වත් නැත. ඔවුන් ප්‍රකාශ කරන්නේ බොරු දර්ශන ය. වැඩකට නැති පේන කීම් ය; සිතින් මවාගත් වංචනික දේ ය.


මන්ද, සාර ධර්මය නොතකා, තමන් රිසි රිසි දෙය ඇසීමේ ආශාවෙන් ගුරුවරුන් රැස්කරගන්නා කාලයක් පැමිණෙන්නේ ය.


“වංචාකාර, කෛරාටික, හැම යහපතට ම සතුරුකම් කරන, යක්ෂයාගේ පුත්‍රය, නුඹ සමිඳාණන් වහන්සේගේ යහ මඟ නොමඟට පෙරළීම නවත්වන්නේ නැද් ද?


සමාරියේ වැසියෙනි, නුඹලා නමස්කාර කළ රන් වස්සා මම ප්‍රතික්ෂේප කෙළෙමි. ඔවුන්ට විරුද්ධ ව මාගේ උදහස ඇවිළී ඇත. ඔවුන් නිදොස් මඟට පැමිණෙන්න කොපමණ කල් ගත වේ ද?


අන් කිසිවකට වඩා සිත කපටි ය, හැම අතින් ම එය දූෂණය වී ඇත; එය තේරුම්ගත හැක්කේ කාට ද?


හෙල් පිටත්, එළිමහනේත් ඔබේ පරදාරකම් ද වෙළඹකගේ මෙන් හේෂාරවය කිරීම් ද ඔබේ දුරාචාර ද සල්ලාලකම් ද සමිඳාණන් දැක ඇති බැවින් ඉශ්රායෙල් ජනයෙනි, ඔබට වන විපතක මහත! කවදා ඔබ පිරිසිදු වන්නහු ද?”


“එම්බා ජෙරුසලම! නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදාගෙන එහි ඇති නපුරුකම් පහ කරන්න. නුඹේ නපුරු සිතිවිලි නුඹ තුළ කොපමණ කල් පවතිනු ඇද් ද?


ඔව්හු දිවැසිවරුන්ට නිහඬ වන්න කියමින් මෙසේ කියති: “හරි දේ ගැන අපට කතා නොකරන්න; අපට අසන්න ආසා දේ ගැන පමණක් කතා කරන්න; අපේ සිහින සිතුම්පැතුම් තබාගන්න අපට ඉඩ දෙන්න.


මිනිසුනි, ඔබ මට කොපමණ කල් හරසර වෙනුවට ගැරහුම් දෙන්නහු ද? නිෂ්ඵල දෙයට නැමී, මුසාවාදයට ඇදී යන්නහු ද?


මන්ද කිසි ම දිවැස් වැකියක් කිසි කලෙක මනුෂ්‍ය ප්‍රයත්නයකින් ඇති නො වී ය. මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගේ වචනය කතා කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්