ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව දවාදමා, ජෙරුසලමේ පවුර කඩා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණු සියලු අනර්ඝ බඩු විනාශ කළහ.
යෙරෙමියා 6:5 - Sinhala New Revised Version සැරසෙන්න, අද රෑ අපි පහර දී ජෙරුසලම් වාසල් බිඳලමු’යි ඔව්හු කියති. Sinhala New Revised Version 2018 සැරසෙන්න, අද රෑ අපි පහර දී ජෙරුසලම් වාසල් බිඳලමු’යි ඔව්හු කියති. Sinhala Revised Old Version නැගිටින්න, අපි රාත්‍රියෙහි ගොස් ඇගේ මාළිගා විනාශකරමුයයි කියනවා ඇත. |
ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව දවාදමා, ජෙරුසලමේ පවුර කඩා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණු සියලු අනර්ඝ බඩු විනාශ කළහ.
රජමැදුර පවා හිස් වන්නේ ය, අගනුවර ද සම්පූර්ණයෙන් පාළු වන්නේ ය; ගෙවල් ද මුරකොටු ද සදහට ම නටබුන් වන්නේ ය; වල් කොටළුවන් එහි ලගිනු ඇත; ඒවා බැටළුවන්ට තණ බිම් වන්නේ ය.
එහෙත්, සබත් දවස ශුද්ධ ලෙස පවත්වන හැටියටත්, සබත් දවසේ දී බරක් උසුලාගෙන ජෙරුසලමේ දොරටුවලින් ඇතුළු නොවන හැටියටත් මා කී දේට ඔවුන් සවන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළුවන්නෙමි; ඒ ගින්න ජෙරුසලමේ මාලිගා දවාලන්නේ ය. එය කිසි සේත් නොනිවිය හැකි ය.”
ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මාලිගාව ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ප්‍රභූවරුන්ගේ මන්දිර ද පුළුස්සාදැමුවේ ය.
එවිට නගරයේ පවුරු බිඳිනු ලැබී ය. බබිලෝනිවරුන් නගරය වටලාගෙන සිටිය දී හේවායෝ සියලු දෙන රාත්‍රි කාලයේ ගැළවී යන්නට උත්සාහ කළෝ ය. ඔව්හු රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් පිටත් වී අරබා සමභූමි මාර්ගයෙන් ජොර්දාන් මිටියාවත දෙසට පලා ගියෝ ය.
මන්ද, වීදිවල ළමයින් ද කඩ මණ්ඩිවල තරුණයන් ද වනසමින් මරුවා අපේ ජනේල සමීපයට ද නිවාසවලට ද ඇතුළු වී ඇත.
“ඉශ්රායෙල් දේශයේ සෙනඟ ඔවුන්ගේ මැවුම්කාරයාණන් අමතක කර, තමන්ට මාලිගා තනාගත්හ. ජුදා දේශයේ සෙනඟ සුරක්ෂිත වන පිණිස බලකොටු නගර වැඩි වැඩියෙන් තනාගත්හ. එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඒ නගර පිට ගින්නක් එවන සේක, එයින් එහි මාලිගා දැවී වැනසෙනු ඇත.”
දිවැසිවර ඔබදියාගේ දර්ශනය මෙය වේ. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඒදොම් ගැන මෙසේ වදාරන සේක: “ඉදිරියට එන්න; අපි ඒදොම්ට විරුද්ධ ව යුද්ධයට යමු”යි කියන පිණිස ජාතීන් අතරට පණිවුඩකාරයෙක් යවනු ලැබී ය. මම මේ ආරංචිය සමිඳාණන් වහන්සේගෙන් ලදිමි.