තවද, සැත්තෑ අවුරුද්දක් ගත වූ පසු, බබිලෝනියේ රජුටත්, ඒ ජාතියටත් ඔවුන්ගේ අයුතුකම් නිසා මම දඬුවම් කරන්නෙමි. ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.
යෙරෙමියා 51:62 - Sinhala New Revised Version මෙසේ යාච්ඤා කරන්න, ‘අහෝ සමිඳුනි, මේ ස්ථානයෙහි මිනිසෙකු වත්, මෘගයෙකු වත් නැති වන ලෙස ඔබ වහන්සේ මේ ස්ථානය විනාශ කරන සේක. එවිට එය සදහට ම මරුකතරක් වනු ඇත,’ Sinhala New Revised Version 2018 මෙසේ යාච්ඤා කරන්න, ‘අහෝ සමිඳුනි, මේ ස්ථානයෙහි මිනිසෙකු වත්, මෘගයෙකු වත් නැති වන ලෙස ඔබ වහන්සේ මේ ස්ථානය විනාශ කරන සේක. එවිට එය සදහට ම මරුකතරක් වනු ඇත,’ Sinhala Revised Old Version අහෝ, ස්වාමීන්වහන්ස, මේ ස්ථානයෙහි මනුෂ්‍යයෙක් වුවත් මෘගයෙක් වුවත් කිසිම වැසියෙක් නැතුව එය සදාකාල පාළුවක් වෙන හැටියට එය සිඳදැමීමට ඔබ ඊට විරුද්ධව කථාකර තිබේයයි කියන්න. |
තවද, සැත්තෑ අවුරුද්දක් ගත වූ පසු, බබිලෝනියේ රජුටත්, ඒ ජාතියටත් ඔවුන්ගේ අයුතුකම් නිසා මම දඬුවම් කරන්නෙමි. ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.
මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මිනිහෙකු වත්, මෘගයෙකු වත් නැති ව පාළු වී ගිය මේ ස්ථානයෙහි ද මෙහි සියලු නගරවල ද තමන්ගේ රැළ ලග්ගවන එඬේරුන්ගේ වාසයක් නැවත වන්නේ ය.
නුඹලාගේ මවුබිම දැරිය නොහැකි නින්දාවටත්, අපවාදයටත් පාත්‍ර වී ඇත. ජාතීන් අතරෙන් බබිලෝනිය ඉතා පහත් ජාතිය වන්නේ ය. එය වතුර නැති වියළි බිමක් ද පාළුකරයක් ද මරුකතරක් ද වන්නේ ය.
මාගේ කෝපය නිසා කිසිවෙක් බබිලෝනියේ ජීවත් නොවෙති. එය නටබුන් ගොඩක් වන්නේ ය. බබිලෝනිය ළඟින් යන සියල්ලෝ ම එයට සිදු වී තිබෙන දේ ගැන විස්මයට පත් ව, ඊට වූ විපත්ති ගැන ඊට නින්දා කරන්නෝ ය.
මන්ද, බබිලෝනියට පහර දෙන පිණිස උතුරු දිගින් ජාතියක් පැමිණෙන්නේ ය. ඔව්හු බබිලෝනිය පාළු කර දමන්නෝ ය. කිසිවෙක් එහි නොවසන්නෝ ය. මනුෂ්‍යයෝ ද මෘගයෝ ද පලා යන්නෝ ය.”
පොළොව කම්පා වෙයි; වේදනාවෙන් මෙන් ඇඹරෙයි. මන්ද, බබිලෝනිය වැසියන් විරහිත පාළුකරයක් කිරීමට සමිඳාණන් ගත් අරමුණ ඉටු වන්නේ ය.
එවිට බබිලෝනිය කිසි වැසියෙකු නැති, ජරාවාසයක් වන්නී ය; සිවලුන් වසන ගුහාවලට හැරෙන්නී ය; භීතියට හා සරදමට කරුණක් වන්නී ය.
බබිලෝනියේ නගර බියකරු ඉඩමක් ද වියළි බිමක් ද මරුකතරක් ද කිසි මිනිසෙකු වාසය නොකරන, කිසිවෙකු එහි ගමන් නොකරන දේශයක් ද වී තිබේ.
ජෙරමියා සෙරායාට කතා කරමින්, “ඔබ බබිලෝනියට පැමිණි විට මේ සියලු වචන සෙනඟට ඇසෙන ලෙස කියවන්න.
මම නුඹ සදහට ම පාළුවක් කරන්නෙමි. නුඹේ නගරවල ද වැසියෝ නොසිටින්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.