Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 51:62 - Sinhala Revised Old Version

62 අහෝ, ස්වාමීන්වහන්ස, මේ ස්ථානයෙහි මනුෂ්‍යයෙක් වුවත් මෘගයෙක් වුවත් කිසිම වැසියෙක් නැතුව එය සදාකාල පාළුවක් වෙන හැටියට එය සිඳදැමීමට ඔබ ඊට විරුද්ධව කථාකර තිබේයයි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

62 මෙසේ යාච්ඤා කරන්න, ‘අහෝ සමිඳුනි, මේ ස්ථානයෙහි මිනිසෙකු වත්, මෘගයෙකු වත් නැති වන ලෙස ඔබ වහන්සේ මේ ස්ථානය විනාශ කරන සේක. එවිට එය සදහට ම මරුකතරක් වනු ඇත,’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

62 මෙසේ යාච්ඤා කරන්න, ‘අහෝ සමිඳුනි, මේ ස්ථානයෙහි මිනිසෙකු වත්, මෘගයෙකු වත් නැති වන ලෙස ඔබ වහන්සේ මේ ස්ථානය විනාශ කරන සේක. එවිට එය සදහට ම මරුකතරක් වනු ඇත,’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:62
16 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ කෝපය නිසා ඒක වැසියෙක් නැතිව සහමුලින්ම පාළුවන්නේය. බබිලෝනිය ළඟින් යන සියල්ලෝම විස්මයට පත්ව ඇගේ සියලු විපත්තිවලට නින්දාකරන්නෝය.


මක්නිසාද ඈට විරුද්ධව උතුරු දිගින් ජාතියක් එන්නේය, ඔවුන් ඇගේ දේශය පාළුවක් කරනවා ඇත, කිසිවෙක් එහි නොවසන්නේය. මනුෂ්‍යයෝද මෘගයෝද දෙගොල්ලම පලාගියෝය, අහක්ව ගියෝය.


මම නුඹ සදහටම පාළුවක් කරන්නෙමි, නුඹේ නුවරවලද වැසියෝ නොසිටින්නාහුය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.


ඇගේ උල්පත් වියළවන්නෙමි. බබිලෝනිය වැසියෙක් නැතුව ජරාවාස ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද විස්මයක්ද කවටකමක්ද වන්නීය.


දේශය චංචලවී වේදනා විඳියි. මක්නිසාද බබිලොන් දේශයෙහි වැසියෙක් නොසිටින හැටියට පාළුකිරීමට තිබෙන ස්වාමීන්වහන්සේගේ යෝජනා බබිලෝනියට විරුද්ධව ස්ථිරව තිබේ.


තවද සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවූ පසු මම බබිලෝනියේ රජුටත් ඒ ජාතියටත් කල්දිවරුන්ගේ දේශයටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් පමුණුවා, ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව පාළුව තිබෙන මේ ස්ථානයෙහිද එහි සියලු නුවරවලද තමුන්ගේ රැළ ලග්ගවන එඬේරුන්ගේ වාසයක් නැවත වන්නේය.


ඇගේ නුවරවල් පාළුවක්ද වියළි භූමියක්ද මරුකතරක්ද කිසි මනුෂ්‍යයෙක් වාසය නොකරන්නාවූ, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් ගමන් නොකරන්නාවූ දේශයක්ද වී තිබේ.


යෙරෙමියා සෙරායාට කියනුයේ: නුඹ බබිලෝනියට පැමිණි කල මේ සියලු වචන කියවා කථාකොට–


නුඹලාගේ මවු ඉතා ලජ්ජාවන්නීය; නුඹලා බිහිකළ තැනැත්තී නින්දාවට පත්වන්නීය; බලව, ඈ ජාතීන්ගෙන් ඉතා පහත් තැනැත්තීද කාන්තාරයක්ද වියළි භූමියක්ද මරුකතරක්ද වන්නීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්