ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 48:25 - Sinhala New Revised Version

මෝවබ්හි තෙද බලය බිඳ දමා ඇත; එහි පරාක්‍රමය විනාශ කර ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෝවබ්හි තෙද බලය බිඳ දමා ඇත; එහි පරාක්‍රමය විනාශ කර ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෝවබ්ගේ අඟ කපාදමා තිබේ, ඔහුගේ හස්තයත් කඩා තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 48:25
12 හුවමාරු යොමු  

ඔබ කණවැන්දුමියන් හිස් අතින් යන්නට හැරියෙහි ය. අනාථ දරුවන් හට කුරිරුකම් කෙළෙහි ය.


නපුරන්ගේ හා දුදනන්ගේ බලය සිඳ බිඳලන්න; කිසි නපුරක් ඉතිරි නොවන ලෙස ඔවුන්ට දඬුවම් කරන්න.


දුදනන්ගේ බාහු බලය බිඳ දමනු ඇත. එහෙත් හිමි තුමන් සුදනන් හට පිහිට වනු ඇත.


දුදනන්ගේ ඔද මම බිඳ ලන්නෙමි. එහෙත්, සුදනන්ගේ බලය ඔසවනු ලබන්නේ ය.”


එතුමාණෝ නොනිවෙන උදහසින් ඉශ්රායෙල්ගේ බලය සහමුලින් ම සිඳදැමූ සේක. සතුරන් පැමිණි විට අපට උදව් නුදුන් සේක. වටකරින් නාස්ති කරන ඇවිලෙන ගින්නක් මෙන් එතුමාණෝ ජාකොබ් දවා ලූ සේක.


ඒ අං දෙස මා බලා සිටිය දී, ඒවා අතරේ තවත් කුඩා අඟක් හටගත්තේ ය. එයට ඉඩ දෙන පිණිස පළමු වන අං තුනක් උදුරාදමනු ලැබී ය. මේ අඟට මනුෂ්‍ය ඇස් වැනි ඇස් ද පුරසාරම් දොඩන කටක් ද තිබුණේ ය.


එළුවා නම් ග්‍රීසියේ රජ ය. උගේ ඇස් අතරේ තිබුණ ලොකු අඟ පළමු වන රජු ය.


මා හිස ඔසවා බැලූ විට සිය අතේ මනින ලණුවක් ඇති මිනිසෙක් මට දර්ශනය විය.


රූබන්ගේ පරපුරේ අය හෙෂ්බොන්, එලෙයාලේ සහ කිරියතායිම් ද,