මුළු මෝවබ් දේශය පුරා කෑගැසීමේ හඬ ඇසේ; එහි විලාප හඬ එග්ලයිම් හා බෙයෙර්-එලීම් නගර දක්වා ඇසේ.
යෙරෙමියා 48:20 - Sinhala New Revised Version “ඔවුන් පිළිතුරු දෙමින්, ‘මෝවබ් බිඳ හෙළනු ලැබූ බැවින් එය ලජ්ජාවට පත් වී ඇත; ඒ ගැන හඬා වැලපෙන්න. මෝවබ් විනාශ කරනු ලැබී යයි අර්ණොන් ගං ඉවුරු දිගේ ප්‍රකාශ කරන්නැ’යි කියනු ඇත. Sinhala New Revised Version 2018 “ඔවුන් පිළිතුරු දෙමින්, ‘මෝවබ් බිඳ හෙළනු ලැබූ බැවින් එය ලජ්ජාවට පත් වී ඇත; ඒ ගැන හඬා වැලපෙන්න. මෝවබ් විනාශ කරනු ලැබී යයි අර්ණොන් ගං ඉවුරු දිගේ ප්‍රකාශ කරන්නැ’යි කියනු ඇත. Sinhala Revised Old Version මෝවබ් ලජ්ජාවට පැමුණුණේය; මක්නිසාද ඒක බිඳිනලද්දේය. කෑමොරගසන්න; මෝවබ් පාළුවූබව අර්ණෝන්හි දන්වන්න. |
මුළු මෝවබ් දේශය පුරා කෑගැසීමේ හඬ ඇසේ; එහි විලාප හඬ එග්ලයිම් හා බෙයෙර්-එලීම් නගර දක්වා ඇසේ.
ඔව්හු කැදැල්ලෙන් පලවා හරින ලද කුරුල්ලන් මෙන් අර්ණොන්හි තොටුපළවල ඉවක් බවක් නැති ව ඒ මේ අත යති.
අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.
ඒ ප්‍රදේශය අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද දීබොන් දක්වා තිබෙන මෙදිබාහි මුළු සමභූමිය දක්වා පැතිර තිබිණි.
ඉන්පසු ඔව්හු පාළුකරය මැදින් ගමන් කොට ඒදොම් දේශයත්, මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයේ නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළතට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝ ය. මන්ද, අර්ණොන් ඔය මෝවබ් සීමාව වූ බැවිනි.