Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 11:18 - Sinhala New Revised Version

18 ඉන්පසු ඔව්හු පාළුකරය මැදින් ගමන් කොට ඒදොම් දේශයත්, මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයේ නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළතට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝ ය. මන්ද, අර්ණොන් ඔය මෝවබ් සීමාව වූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඉන්පසු ඔව්හු පාළුකරය මැදින් ගමන් කොට ඒදොම් දේශයත්, මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයේ නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළතට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝ ය. මන්ද, අර්ණොන් ඔය මෝවබ් සීමාව වූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 පසුව ඔව්හු කාන්තාරය මැදින් ගමන්කොට ඒදොම් දේශයත් මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයට නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝය, මක්නිසාද අර්ණොන් ඔය වනාහි මෝවබ් සීමාවය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 11:18
8 හුවමාරු යොමු  

මුළු ඉශ්රායෙල් ජනතාව කාදෙෂ් නම් ස්ථානයෙන් පිටත් ව හෝර් නම් කන්දට පැමිණියහ.


බාලාම් පැමිණි බව බාලාක් දැනගත් විට ඔහු බාලාම් හමුවනු සඳහා මෝවබ් දේශ සීමාවේ අර්ණොන් ගං තෙර පිහිටි ආර් නම් නුවරට ගියේ ය.


‘අද නුඹ ආර් නම් පෙදෙස ඔස්සේ මෝවබ් දේශය මැදින් යා යුතු ය.


“සමිඳාණන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘නැඟිට, ගමන අරඹා, අර්ණොන් නදියෙන් එතෙර වන්න. මෙන්න, හෙෂ්බොන්හි රජ වූ අමෝරි ජාතික සීහොන් ද ඔහුගේ රට ද මම නුඹේ බලයට දුනිමි. එය සතු කරගනු පිණිස සටන් අරඹා පහර දෙන්න.


“සමිඳාණන් වහන්සේ මා අමතා, ‘මෝවබ්වරුන්ට හිරිහැර නොකරන්න, සටනට ඔවුන් නොපොළඹවන්න. මා ආර් නම් දේශය ලොත්ගේ පෙළපතට සතු කොට දෙන බැවින්, ඔවුන්ගේ රටින් කිසිවක් මම නුඹට අයිති කොට නොදෙන්නෙමි’යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්