යෙරෙමියා 47:2 - Sinhala New Revised Version “බලන්න, වතුර උතුරෙන් ගලා අවුත්, උතුරා යන ගඟක් වී, දේශය සහ එහි ඇති සෑම දෙයක් ද නගරය සහ එහි වැසියන් ද උඩින් ගලා යන්නේ ය. මනුෂ්‍යයෝ ද කෑගසන්නෝ ය. දේශයේ සියලු වැසියෝ කෑමොරගසන්නෝ ය. Sinhala New Revised Version 2018 “බලන්න, වතුර උතුරෙන් ගලා අවුත්, උතුරා යන ගඟක් වී, දේශය සහ එහි ඇති සෑම දෙයක් ද නගරය සහ එහි වැසියන් ද උඩින් ගලා යන්නේ ය. මනුෂ්‍යයෝ ද කෑගසන්නෝ ය. දේශයේ සියලු වැසියෝ කෑමොරගසන්නෝ ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, වතුරු උතුරෙන් ගලා ඇවිත්, උතුරා යන ගඟක් වී, දේශය සහ එහි පූර්ණකමද නුවර සහ එහි වැසියන්ද උඩින් ගලායන්නේය. මනුෂ්‍යයෝද කෑගසන්නෝය. දේශයේ සියලු වැසියෝ කෑමොරගසන්නෝය. |
“මට කුසගිනි නම්, නුඹට දන්වන්නට වුවමනාවක් නැත; ලොවත්, එහි ඇති සියලු දේත් මා සතු නොවේ ද?
සගලොව ප්‍රීති ප්‍රමෝද වේ වා! නරලොව තුටු පහටු වේ වා! සමුදුරත් එහි ඇති සියල්ලත් ගිගුරුම් දේ වා!
පිලිස්ති ජනයෙනි, උදව් උපකාර ඉල්ලා කෑමොර ගසන්න; භීතියෙන් ඇලළී යන්න. උතුරෙන් දූවිලි වලාකුළක් මෙන් හමුදාවක් පැමිණෙන්නේ ය. එය වනාහි බිය සුලු ව ආ අය කිසිවෙකු නැති යුද හමුදාවකි.
මුළු මෝවබ් දේශය පුරා කෑගැසීමේ හඬ ඇසේ; එහි විලාප හඬ එග්ලයිම් හා බෙයෙර්-එලීම් නගර දක්වා ඇසේ.
දර්ශන මිටියාවත පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: වැරදී ඇත්තේ කුමක් ද? නගරයේ සියලු සෙනඟ පියසි උඩට නැඟී උත්සව පවත්වන්නේ මන් ද?
අත්තිවාරම මනින ලණුව යුක්තිය නම් වේ. ලඹ ලණුව අවංකකම නම් වේ. නුඹලා විශ්වාසය තබා ඇති බොරු සියල්ල ගල් වර්ෂාවට ගසාගෙන යන්නේ ය; නුඹලාගේ ආරක්ෂාව ජල ගැල්මෙන් විනාශ වන්නේ ය.”
එවිට නැගෙනහිර සිට බස්නාහිර දක්වා සියලු දෙන එතුමන්ගේ නමටත් බිය වන්නෝ ය. එතුමන්ගේ තේජාලංකාරය දකින්නෝ ය; එතුමාණෝ තද සුළඟක් මෙන් නැඟී වේගයෙන් ගලා යන දිය පාරක් මෙන් වඩින සේක.
එවිට සමිඳාණන් වහන්සේ කතා කොට මට මෙසේ වදාළ සේක: “මේ දේශයේ සියලු වැසියන් පිට උතුරු දෙසින් විපාක කඩා වැටෙන්නේ ය.
විජාතීන් නුඹට පත් නින්දාව ගැන අසා තිබේ. ඔබේ කෑගැසීමෙන් පොළොව පිරී තිබේ. මන්ද, සෙබළු එකිනෙකා සමඟ ගැටී දෙදෙන ම එකට ඇද වැටෙන්නෝ ය.
මිසර දේශයට පහර දීමට බබිලෝනියේ රජු වූ නබුකද්නෙශර්ගේ පැමිණීම ගැන සමිඳාණන් වහන්සේ දිවැසිවරයාට මෙසේ වදාළ සේක:
මිසර වැස්සෝ ලජ්ජාවට පත් කරන ලද්දෝ ය. ඔව්හු උතුරු දේශයේ සෙනඟට යටත් වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
බලන්න, මෝවබ් සුණු විසුණු වී තිබෙන හැටි! අහෝ! එහි සෙනඟ වැලපෙන හැටි! මෝවබ් ලජ්ජාවෙන් පිටුපා සිටින හැටි! මෙසේ මෝවබ් එය වටකර සිටි සියල්ලන්ට සරදමට හා භීතියට කරුණක් වී ඇත.”
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති; මහා බලවත් ජාතියක් ද පොළොවේ ඉතා දුර තැන්වලින් නැඟිට එනු ඇත.
දාන්හි සිට අප සතුරන්ගේ අශ්වයන්ගේ හූංකාරය අපට ඇසුණේ ය; උන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුළයි. ඔවුන් ඇවිත් සිටින්නේ දේශය සහ එහි තිබෙන සියල්ල ද නගර සහ එහි වසන වැසියන් ද විනාශ කරන පිණිස ය.”
ඔහු ඉදිරියෙන් සේනාවක් සහමුලින් ම පන්නාදමනු ලබයි; ගිවිසුමක් කරගත් අධිපතියා ද බිඳ හෙළනු ලබයි.
එහෙත්, තමන්ගේ සතුරන් ගලා යන ජල ගැල්මකින් සහමුලින් ම විනාශ කරන සේක; එදිරිකාරයන් ලුහුබැඳ ගොස් අන්ධකාරයට නෙරපාදමන සේක.
එහෙත් “මෙය දේවතා පිදේනියකැ”යි යමෙකු ඔබට කීවොත්, එසේ දැන්වූ තැනැත්තා නිසාත්, හෘදය සාක්ෂිය නිසාත්, ඒ ආහාර නොවළඳන්න.
පාත්‍ර සත දැරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක් කෙනෙක් අවුත් මට කතා කොට, “මෙහි එන්න, බොහෝ ජල පිට හිඳින මහා වේශ්‍යාවගේ විනිශ්චය ඔබට පෙන්වන්නෙමි.
ඔහු මට තවදුරටත් කතා කොට, “වේශ්‍යාව වාඩි වී සිටි තැන ඔබ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝ ද ජනතාවෝ ද ජාතීහු ද භාෂාවෝ ද වෙති.