අහෝ බබිලෝනිය! විනාශකාරී බබිලෝනිය! තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.
යෙරෙමියා 46:24 - Sinhala New Revised Version මිසර වැස්සෝ ලජ්ජාවට පත් කරන ලද්දෝ ය. ඔව්හු උතුරු දේශයේ සෙනඟට යටත් වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” Sinhala New Revised Version 2018 මිසර වැස්සෝ ලජ්ජාවට පත් කරන ලද්දෝ ය. ඔව්හු උතුරු දේශයේ සෙනඟට යටත් වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” Sinhala Revised Old Version මිසර දුව ලජ්ජාවට පැමිණෙන්නීය; උතුරු සෙනඟගේ අතටද අසුවන්නීය. |
අහෝ බබිලෝනිය! විනාශකාරී බබිලෝනිය! තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.
මා කියන දේට සවන් දෙන්න. උතුරු දිග රට රාජ්‍යවල සියලු වංශවලට මම අඬගසන්නෙමි. ඔවුන්ගේ රජවරු පැමිණ ජෙරුසලමේ දොරටු අසල ද නගරය වට කළ පවුර අවට ද ජුදාහි සෙසු නගර තුළ ද සිහසුන් පිහිටුවා ගන්නෝ ය.
එම්බා, මිසර වැසියෙනි, ගිලියද්ට ගොස්, ගුගුල් නම් ඖෂධය ලබාගන්න. නුඹ බොහෝ බෙහෙත් පාවිච්චි කිරීම නිෂ්ඵල ය. නුඹට සුවයක් නැත.
“බලන්න, වතුර උතුරෙන් ගලා අවුත්, උතුරා යන ගඟක් වී, දේශය සහ එහි ඇති සෑම දෙයක් ද නගරය සහ එහි වැසියන් ද උඩින් ගලා යන්නේ ය. මනුෂ්‍යයෝ ද කෑගසන්නෝ ය. දේශයේ සියලු වැසියෝ කෑමොරගසන්නෝ ය.