ඔහුගේ අශ්ව රථාධිපතියා වන රෙමලියාගේ පුත් පෙකා, ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මිනිසුන් පණස්දෙනෙකුත් කැඳවාගෙන අවුත්, සමාරියෙහි රජවාසලේ බලකොටුවේ දී ඔහු මරා ඔහු වෙනුවට රජ විය.
යෙරෙමියා 41:7 - Sinhala New Revised Version ඔවුන් නගරය මැදට පැමිණි විට, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිස්සු ඔවුන් මරා වළකට හෙළූ හ. Sinhala New Revised Version 2018 ඔවුන් නගරය මැදට පැමිණි විට, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිස්සු ඔවුන් මරා වළකට හෙළූ හ. Sinhala Revised Old Version ඔවුන් නුවර මැදට පැමුණුණ විට, නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මනුෂ්‍යයෝ ඔවුන් මරා වළ ඇතුළට හෙළුවෝය. |
ඔහුගේ අශ්ව රථාධිපතියා වන රෙමලියාගේ පුත් පෙකා, ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මිනිසුන් පණස්දෙනෙකුත් කැඳවාගෙන අවුත්, සමාරියෙහි රජවාසලේ බලකොටුවේ දී ඔහු මරා ඔහු වෙනුවට රජ විය.
දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.
එහෙත්, දුගඳ හමන ඔබේ මළසිරුර පිටතට ඇදදමා ඇත. එය යුද්ධයේ දී මළ හේවායන්ගේ මළකඳන්වලට යට වී ඇත. ඒවා සමඟ ඔබේ මළකඳත් ගල් වළකට විසිකරදමනු ලැබ පාගාදමා ඇත.
නපුරුකම් කිරීමට නුඹලා යුහුසුළු වන්නහු ය. නිදොස් අයගේ ලේ වැගිරීමට ඉක්මන් වන්නහු ය. නුඹලාගේ සිතුවිලි පාපතර සිතුවිලි ය. නුඹලා යන යන තැන නාස්තිය හා විනාශය ඇති වේ.
ඒ නගරය තුළ අධිපතීහු අයුතු ලාභ ලබාගන්න පිණිස ලේ වැගිරීමටත්, ප්‍රාණ නැති කිරීමටත් සිටින, ගොදුර ඉරාදමන වෘකයන්ට සමාන ය.