ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 4:3 - Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේ ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට මෙසේ වදාරන සේක: “කටු අතරේ නොවපුරා පුරන් බිම් කොටා ගන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේ ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට මෙසේ වදාරන සේක: “කටු අතරේ නොවපුරා පුරන් බිම් කොටා ගන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ස්වාමීන්වහන්සේ යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමටත් මෙසේ කියනසේක: කටු අතරේ නොවපුරා පුරන්බිම කොටාගන්න.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 4:3
10 හුවමාරු යොමු  

පොළොවේ නුඹට කටු පඳුරු ද වල් පැලෑටි ද උපදින්නේ ය, නුඹට වනයේ පලා කන්නට සිදු වන්නේ ය.


එහෙත් සත් වන අවුරුද්දේ දී ඒවා පුරන් ව තිබෙන්නට හැර, ඒවායේ ඇති වන පලදාව නොගත යුතු ය. එවිට නුඹේ සෙනඟ අතර සිටින දිළිඳුන්ට ඒවා කන්න පුළුවන. ඔවුන් ඉතිරි කරන දේ වන මෘගයන්ට කන්න පුළුවන. නුඹේ මිදි වතු හා ඔලීව වතු සම්බන්ධයෙන් ද එලෙස කළ යුතු ය.


ඔබ උදෙසා ධර්මිෂ්ඨකම වපුරාගන්න; ස්ථිර ප්‍රේමයට සුදුසු පල නෙළාගන්න. පුරන් බිම කොටන්න. නුඹේ සමිඳාණන් වහන්සේ වෙත හැරෙන්නට දැන් කාලය හරි ය. එවිට උන් වහන්සේ පැමිණ නුඹලා පිට ගැළවීමේ වැසි වස්වන සේක.


පණිවුඩය අසා, මේ ජීවිතයේ කරදරවලින් ද වස්තු මායාවෙන් ද පණිවුඩය යටපත් වීම නිසා, කෙනෙක් පල නොදරති. කටු අතර වැටුණ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.


අන් සමහරක් කටු ගස් අතර වැටිණි; කටු ගස් වැවී ඒවා යටකර දැමී ය.


අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ වැවී, ඒවා යටපත් කළ බැවින් ඒවා පල නොදැරී ය.


කටු අතර වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා ජීවිතයේ කම්කටොලුවලින් ද වස්තුවෙන් ද ඉඳුරන් පිනවීමෙ‍න් ද වචනය හිර වී සම්පූර්ණ පල නොදරන අය ය.


අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ ද ඒ සමඟ ම වැඩී ඒවා යටපත් කර දැමී ය.