යෙරෙමියා 37:21 - Sinhala New Revised Version ශෙදෙකියා රජ ද ජෙරමියා හිරගෙයි රැකවල් මළුවට යවන්නටත්, රොටි සියල්ල ම නගරයෙන් ඉවර වී යන තුරු දවස්පතා රොටියක් බැගින් රොටි සාදන්නන්ගේ වීදියෙන් ඔහුට ගෙන දෙන්නටත් අණ දුන්නේ ය. මෙසේ ජෙරමියා රැකවල් මළුවෙහි නැවතී සිටියේ ය. Sinhala New Revised Version 2018 ශෙදෙකියා රජ ද ජෙරමියා හිරගෙයි රැකවල් මළුවට යවන්නටත්, රොටි සියල්ල ම නගරයෙන් ඉවර වී යන තුරු දවස්පතා රොටියක් බැගින් රොටි සාදන්නන්ගේ වීදියෙන් ඔහුට ගෙන දෙන්නටත් අණ දුන්නේ ය. මෙසේ ජෙරමියා රැකවල් මළුවෙහි නැවතී සිටියේ ය. Sinhala Revised Old Version ශෙදෙකියා රජද, යෙරෙමියා හිරගෙයි මළුවෙහි තබාගන්ටත් රොටි සියල්ලම නුවරින් කම්මුතුවී යන තුරු දවස් පතා රොටියක් රොටි සාදන්නන්ගේ වීථියෙන් ඔහුට ගෙනදෙන්ටත් අණකෙළේය. මෙසේ යෙරෙමියා හිරගෙයි මළුවෙහි සිටියේය. |
සාගත සමයෙහි එතුමාණෝ ඔබ මරණින් මුදාගන්න සේක; සටන් සමයෙහි කඩු මුවහතින් ඔබ ගළවාගන්න සේක.
රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක.
නුඹලාට ජය අත් වී ශක්තිමත් බලකොටුවක සිටින්නන් සේ සුරක්ෂිත වන්නහු ය. කෑමට ආහාර ද බීමට වතුර ද නුඹලාට ඇති වන්නේ ය.
එබැවින් පෂ්හුර් ජෙරමියාට තළා, දේව මාලිගාවේ බෙන්ජමින් නමැති ඉහළ දොරටුවේ තිබෙන දඬු කඳේ ඔහු දැම්මේ ය.
ඒ කාලයේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම වටලාගෙන සිටියේ ය. දිවැසිවර ජෙරමියා ජුදා රජුගේ ගෙදර පිහිටි හිරගෙයි මළුවේ හිරඅඬස්සි වී සිටියේ ය.
සමිඳාණන් වහන්සේ වදාළ පරිදි, මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් හිරගෙයි මළුවට මා ළඟට අවුත්, “අනේ! බෙන්ජමින් දේශයෙහි අනාතොත්හි තිබෙන මාගේ කෙත මිලේට ගන්න; මන්ද, එහි උරුමයේ අයිතිය ඇත්තේ ඔබට ය; එය මිල දී ගන්නැ”යි කී ය. එවිට මෙය සමිඳාණන් වහන්සේගේ වචනය බව මම දැනගතිමි.
ජෙරමියා හිර ගෙදර මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරටත් ඔහු වෙත පැමිණියේ ය.
එකල ඔව්හු ජෙරමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු මල්කියා රජ කුමරුගේ ළිඳට ඔහු ලණුවලින් බැස්සෙවුවෝ ය. ඒ ළිඳේ වතුර නොව මඩ තිබිණි. ජෙරමියා එහි මඩේ එරුණේ ය.
එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.
එබැවින් පේදුරු හිර අඩස්සියේ සිටිය දී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක් ම යාච්ඤා කළා ය.
එහෙත් දෑවුරුද්දක් ගත වූ පසු, ෆීලික්ස්ගේ නිලයට පොර්කියුස් ෆෙස්තුස් පත් කරන ලදී. ෆීලික්ස් වනාහි ජුදෙව්වරුන් සතුටු කරන්නට කැමැති ව, පාවුලු හිරබාරයෙහි තබා ගියේ ය.
පාවුලු තමා කුලියට ගත් ගෙයි දෑවුරුද්දක් වාසය කරමින්, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන,
එබැවින්, දෙවියන් වහන්සේගෙන් ඔබ ලත් කැඳවීමට ඔබින ලෙස හැසිරෙන මෙන් සමිඳාණන් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන මම ඔබෙන් උදක් ම ඉල්ලමි.
සිරගත ව සිටින මම, ඒ සුබ අස්න වෙනුවෙන් තානාපතියෙක් වෙමි. ඒ ගැන යුතු ලෙස අභීත ව කතා කිරීමට මට හැකි වනු පිණිස යාච්ඤා කරන්න.
එහෙයින් අපේ සමිඳාණන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත්, උන් වහන්සේගේ සිරකරුවා වන මා ගැනත්, ලජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා, සුබ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න.
අපරාධකරුවෙකු මෙන් යදමින් බඳිනු ලැබ දුක් විඳින්නට මට සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. එහෙත් දේව වාක්‍යය, බැඳ තැබිය නොහැකි ය.