බාරුක් පිළිතුරු දෙමින්, “ජෙරමියා මේ සියලු වචන සිය මුවින් මට කියන විට මම ඒවා පොතෙහි තීන්තෙන් ලිවීමි”යි කීවේ ය.
යෙරෙමියා 36:27 - Sinhala New Revised Version බාරුක් ජෙරමියාගේ මුවින් ඇසූ වචන සටහන් කළ පොත රජතුමා පුළුස්සාදැමූ පසු, සමිඳාණන් වහන්සේ යළිත් ජෙරමියාට කතා කොට, Sinhala New Revised Version 2018 බාරුක් ජෙරමියාගේ මුවින් ඇසූ වචන සටහන් කළ පොත රජතුමා පුළුස්සාදැමූ පසු, සමිඳාණන් වහන්සේ යළිත් ජෙරමියාට කතා කොට, Sinhala Revised Old Version රජු ඒ පොතද බාරුක් යෙරෙමියාගේ මුඛයෙන් අසා ලියූ වචනද දැවූ පසු, ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය: |
බාරුක් පිළිතුරු දෙමින්, “ජෙරමියා මේ සියලු වචන සිය මුවින් මට කියන විට මම ඒවා පොතෙහි තීන්තෙන් ලිවීමි”යි කීවේ ය.
ජෙහුදී පොතෙන් තීරු තුන හතරක් කියෙවූ කල රජ තෙමේ ලියන්නාගේ පිහියෙන් ඒක කපා භාජනයෙහි තිබුණු ගින්නට දැමුවේ ය. එවිට භාජනයෙහි තිබුණු ගින්නෙන් මුළු පොත දැවී ගියේ ය.
එවිට ජෙරමියා නේරියාගේ පුත් බාරුක් කැඳවාගත්තේ ය; බාරුක් ද සමිඳාණන් වහන්සේ ජෙරමියාට කියා තිබුණ, උන් වහන්සේගේ සියලු ම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේ ය.