Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 36:23 - Sinhala New Revised Version

23 ජෙහුදී පොතෙන් තීරු තුන හතරක් කියෙවූ කල රජ තෙමේ ලියන්නාගේ පිහියෙන් ඒක කපා භාජනයෙහි තිබුණු ගින්නට දැමුවේ ය. එවිට භාජනයෙහි තිබුණු ගින්නෙන් මුළු පොත දැවී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ජෙහුදී පොතෙන් තීරු තුන හතරක් කියෙවූ කල රජ තෙමේ ලියන්නාගේ පිහියෙන් ඒක කපා භාජනයෙහි තිබුණු ගින්නට දැමුවේ ය. එවිට භාජනයෙහි තිබුණු ගින්නෙන් මුළු පොත දැවී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 යෙහූදී තීර තුන හතරක් කියෙවූ කල රජ ලියන්නාගේ පිහියෙන් ඒක කපා භාජනයෙහි තිබුණු ගින්නට දැමුවේය, භාජනයෙහි තිබුණු ගින්නෙන් මුළු පොත දාලා ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 36:23
18 හුවමාරු යොමු  

ඉශ්රායෙල් රජ ද, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් තව කෙනෙක් සිටියි. එහෙත්, ඔහු මා ගැන දිවැස් වැකියෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් ද, “රජතුමා එසේ නොකියාවා”යි කීවේ ය.


ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.


මිනිසා සිතින් බොහෝ දේ අරමුණු කරයි; එහෙත් ස්ථිරවන්නේ සමිඳුන්ගේ අරමුණ ය.


ඔවා බස් නොතැකීම කරදරයට පාර කැපීමකි; ඔවා බස් තැකීම වාසනාව ගෙන එයි.


ඔබ කිසිදාක මාගේ දැනමුතුකම් පිළිගත්තේ නැත; මාගේ ඔවා බස්වලට කන් දුන්නේ නැත.


‘ඔබ මොහු හිරගෙහි ලා මා සාමදානයෙන් එන තුරු මොහුට රොටි සහ වතුර හැර කිසිවක් නොදිය යුතු යයි රජ කියන්නේ ය’ කියා දන්වන්නැ”යි කී ය.


යමෙක් මේ පොතේ දිවැස් වැකිවලින් යමක් අහක් කරන්නේ නම්, මේ පොතේ සඳහන් ජීවන වෘක්ෂයේ ද ශුද්ධ නුවරේ ද පංගුකාරකමින් දෙවියන් වහන්සේ ඔහු පහ කරන සේක.


බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.


එවිට ඔබ මෙසේ කියනු ඇත: අනේ මා විනය දහමට ද්වේෂ කළ හැටි! මාගේ සිතින් අවවාද සුළු කළ හැටි!


මන්ද, නුඹ මාගේ අවවාදය නුරුස්සන්නෙහි ය; මාගේ වචනවලට පිටුපා යන්නෙහි ය.


“නුඹ අකුළන පොතක් රැගෙන, ජොෂියාගේ දවස්වල දී මා නුඹට වදාළ දින පටන් අද දවස දක්වා ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද සියලු ජාතීන් ද ගැන මා නුඹට කී සියලු ම වචන එහි ලියන්න.


බාරුක් ජෙරමියාගේ මුවින් ඇසූ වචන සටහන් කළ පොත රජතුමා පුළුස්සාදැමූ පසු, සමිඳාණන් වහන්සේ යළිත් ජෙරමියාට කතා කොට,


“තවත් පොතක් ගෙන, ජුදාහි රජු වූ ජෙහෝයාකිම් දවා ලූ පළමු පොතේ තිබූ සියලු වචන එහි ලියන්නැ”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්