ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් අහසියාගේ පුත් ජෙහෝවාෂ්ගේ පුත්‍රයා වන ජුදාහි රජ වන අමශියා බෙත්-ෂෙමෙෂ්හි දී අල්ලාගෙන ජෙරුසලමට අවුත්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා ජෙරුසලමේ පවුරෙන් මීටර් දෙසියයක් බිඳදමා,
යෙරෙමියා 31:38 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා සමිඳාණන් වහන්සේ උදෙසා නගරයක් ගොඩනඟනු ලබන දවස් පැමිණෙන්නේ ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා සමිඳාණන් වහන්සේ උදෙසා නගරයක් ගොඩනඟනු ලබන දවස් පැමිණෙන්නේ ය. Sinhala Revised Old Version බලව, හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා ස්වාමීන්වහන්සේ උදෙසා නුවර ගොඩනගනු ලබන දවස් පැමිණෙන්නේය. |
ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් අහසියාගේ පුත් ජෙහෝවාෂ්ගේ පුත්‍රයා වන ජුදාහි රජ වන අමශියා බෙත්-ෂෙමෙෂ්හි දී අල්ලාගෙන ජෙරුසලමට අවුත්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා ජෙරුසලමේ පවුරෙන් මීටර් දෙසියයක් බිඳදමා,
තවද, උශ්ශියා ජෙරුසලමෙහි කොනේ දොරටුව ළඟ ද මිටියාවතේ දොරටුව ළඟ ද පවුරු මුලුවල ද මුරකොටු ගොඩනඟා ඒවා සවිශක්තිමත් කෙළේ ය.
එකල මම ඔවුන්ට කතා කොට, “ජෙරුසලම පාළු වී තිබෙන හැටි ද එහි දොරටු කැඩී ගොස් තිබෙන හැටි ද අපට පැමිණ තිබෙන විපත්තිය ද ඔබට පෙනේ. ඉතින් එන්න, අපට තවත් නින්දා නොපැමිණෙන පිණිස ජෙරුසලමේ පවුර ගොඩනඟමු”යි කීවෙමි.
එකල උත්තම පූජකයා වූ එලියාෂිබ් තෙම පූජකයන් වූ ඔහුගේ සහෝදරයන් සමඟ වැඩ අරඹා බැටළු දොරටුව යළි ගොඩනඟා, උළුවහු යොදා, එහි දොරවල් සවි කොට, හම්මේයාගේ කොත ද හනනේල්ගේ කොත ද දක්වා පවුර ගොඩනැඟුවේ ය.
සයිරස්ට කතා කොට, ‘නුඹ මාගේ එඬේරා වන්නෙහි ය; මාගේ අදහස් නුඹ ඉටු කරන්නෙහි ය. ජෙරුසලම නැවත ගොඩනඟන්නත්, දේව මාලිගාවේ අත්තිවාරම් දමන්නත් නුඹ නියම කරන්නෙහි ය’යි කියන්නේත් මම ය.”
“ස්වාමීන් වන මම මෙසේ වදාරමි: දාවිත්ගේ පෙළපතින් දැහැමි රජ කෙනෙකු නැඟී එන කාලය පැමිණෙන්නේ ය. එතුමාණන් නැණනුවණින් රජකම් කරමින්, දැහැමිකමත් යුක්තියත් දේශය මුළුල්ලේ ඉටු කරනු ඇත.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ජාකොබ්ගේ පරපුර සිය දේශයට ආපසු පමුණුවා හැම පවුලකට ම වාසස්ථානයක් ලැබීමේ භාග්‍යය නැවත දෙන්නෙමි. නගරය ද එහි කන්ද පිට ගොඩනඟනු ලැබ, මාලිගාව තිබුණු හැටියට ම පිහිටුවනු ලබන්නේ ය.
“ඉශ්රායෙල් දේශය හා ජුදා දේශය සෙනඟගෙන් ද ගවයන්ගෙන් ද පුරවන කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන් වන මම කියන්නෙමි.
එම්බා ඉශ්රායෙල් ජාතිය! මම නැවත නුඹ ගොඩනඟන්නෙමි. එවිට නුඹලා ගොඩනඟනු ලබන්නහු ය. නුඹලා නැවත නුඹලාගේ කිකිණි රබන් රැගෙන විනෝද වන්නන් සමඟ ප්‍රීතියෙන් නටන්නහු ය.
එබැවින් මෙය දැනගෙන තේරුම්ගන්න. ජෙරුසලම නැවත පිහිටුවා ගොඩනඟන්නට කියා ආඥාව නිකුත් වූ තැන් පටන්, අභිෂේක ලත් අධිපතියාගේ පැමිණීම දක්වා සති හතක් ගත වන්නේ ය. ඉන්පසු කරදර සහිත සති හැටදෙකක කාලය තුළ වුව ද එහි වීථි ද ප්‍රාකාර ද නැවත ගොඩනඟනු ලැබේ.
උතුරේ ගෙබා සිට දකුණේ රිම්මොන් දක්වා ඇති ජෙරුසලම අවට මුළු දේශය සමතලා කරනු ලබන්නේ ය. ජෙරුසලම ඒ අවට ප්‍රදේශයට ඉහළින් උස් ව තිබෙන්නේ ය. ‘බෙන්ජමින් දොරටුව’ සිට කලින් දොරටුවක් තිබුණු ‘කොනේ දොරටුව’ දක්වා ද ‘හනනෙල් කොත’ සිට රජුගේ මුද්‍රික තටාකය දක්වා ද නුවර පැතිර පවතින්නේ ය.
“එන්න, එන්න, උතුරු දේශයේ සිට පලා එන්න. මම නුඹලා සතර දිග් භාගයෙහි සුළං මෙන් විසුරුවා හරිමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.