යෙරෙමියා 31:37 - Sinhala New Revised Version ඉහළ අහස මනින්නටත්, පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්නටත් යමෙකුට පුළුවන් නම් පමණක්, ඉශ්රායෙල් සෙනඟ කළ සියල්ල නිසා එතුමාණෝ ඔවුන් පහකරන සේක. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය. Sinhala New Revised Version 2018 ඉහළ අහස මනින්නටත්, පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්නටත් යමෙකුට පුළුවන් නම් පමණක්, ඉශ්රායෙල් සෙනඟ කළ සියල්ල නිසා එතුමාණෝ ඔවුන් පහකරන සේක. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යමෙකුට ඉහළ අහස මනින්ටත් පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්ටත් පුළුවන් නම් මමත් මුළු ඉශ්‍රායෙල් වංශය ඔවුන් කළ සියල්ල නිසා එපාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. |
ඔබේ තිර පෙම සදහට ම පවතින බව මම ඒකාන්තයෙන් ම පිළිගනිමි; ඔබේ විශ්වාසවන්තකම අහස මෙන් තිරසර බව මම දනිමි.
සගලොවට නැඟී බැස ආවේ කවරෙක් ද? සිය දෑතින් සුළඟ අල්ලාගත්තේ කවරෙක් ද? සිය සළුවෙහි ජලය ඔතාගත්තේ කවරෙක් ද? මහ පොළොවේ සීමා පිහිටෙව්වේ කවරෙක් ද? ඔහුගේ නම කුමක් ද? ඔහුගේ පුත්‍රයාගේ නම කුමක් ද? නුඹ එවැනි කෙනෙකු දන්නෙහි ද?
මුහුදේ ජලය අල්ලට ගන්නත්, අහසේ දිග වියතකින් මනින්නත් කිසිවෙකුට හැකි ද? පොළොවේ පස් හුණ්ඩුවක දමන්නත්, කඳු හෙල්වල බර තරාදියකින් කිරන්නත් කිසිවෙකුට හැකි ද?
“නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ. ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්, නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි.
ජුදාගේ වංශයට අයත් ඉශ්රායෙල්වරුන් මම කැඳවන්නෙමි. ඔවුන්ගේ පරම්පරාව මාගේ දේශයත්, කඳුත් උරුම කරගන්නෝ ය. මට සේවය කරන්නන් එහි වාසය කරනු ඇත.
නුඹලා ගළවන පිණිස මම නුඹලා සමඟ සිටිමි. මම නුඹලා යම් යම් දේශවලට විසුරුවා හැරියෙම් ද, ඒ සියලු දේශ මම සහමුලින් ම විනාශ කරදමමි. එහෙත්, මම නුඹලා විනාශ නොකරතත්, නුඹලාට දඬුවම් නොකර නොසිටින්නෙමි. නිසි ප්‍රමාණයට මම නුඹලාට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ගණන් නොකළ හැකි තරම් අහසේ තරු ද මුහුදේ වැලි ද මෙන් මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශය ද මට සේවය කරන ලෙවීවරුන් ද මම වැඩි කරන්නෙමි.”
මාගේ සේවක ජනයෙනි, මා නුඹලා සමඟ සිටින බැවින් බිය නොවන්න. මම නුඹලා යම් ජාතීන් අතරට විසුරුවා හැරියෙම් ද, ඒ ජාතීන් තීන්දුවට ම නැති කරන නමුත්, නුඹලා විනාශ නොකරමි. එහෙත්, නුඹලා දඬුවමින් නිදහස් නොකරමි. යුතු පමණට නුඹලාට දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”