Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 30:11 - Sinhala New Revised Version

11 නුඹලා ගළවන පිණිස මම නුඹලා සමඟ සිටිමි. මම නුඹලා යම් යම් දේශවලට විසුරුවා හැරියෙම් ද, ඒ සියලු දේශ මම සහමුලින් ම විනාශ කරදමමි. එහෙත්, මම නුඹලා විනාශ නොකරතත්, නුඹලාට දඬුවම් නොකර නොසිටින්නෙමි. නිසි ප්‍රමාණයට මම නුඹලාට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 නුඹලා ගළවන පිණිස මම නුඹලා සමඟ සිටිමි. මම නුඹලා යම් යම් දේශවලට විසුරුවා හැරියෙම් ද, ඒ සියලු දේශ මම සහමුලින් ම විනාශ කරදමමි. එහෙත්, මම නුඹලා විනාශ නොකරතත්, නුඹලාට දඬුවම් නොකර නොසිටින්නෙමි. නිසි ප්‍රමාණයට මම නුඹලාට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මා විසින් නුඹ විසුරුවාදැමූ තැන්වල සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත්, නුඹ තීන්දුවටම නැතිනොකර, නිසි ප්‍රමාණයෙන් නුඹට දඬුවම්කරන්නෙමි, නුමුත් නුඹට අච්චුනොකර නොසිටින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 30:11
29 හුවමාරු යොමු  

සමිඳුනි අප විනාශ නොවන පිණිස, ඔබේ උදහසින් නොව, නිසි ප්‍රමාණයෙන් අපට දඬුවම් කළ මැනව.


නුඹට විරුද්ධ ව ඔව්හු සටන් කරන්නෝ ය. එහෙත්, නුඹ පරාජය කරන්නට ඔවුන්ට නොහැකි ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


මුළු පොළොව ම පාළු වන බවත්, ඒ නමුත් තීන්දුවට ම උන් වහන්සේ එය විනාශ නොකරන බවත් සමිඳාණන් වහන්සේ වදාරා ඇත.


ඔවුන්ට බිය නොවන්න. මන්ද, නුඹ ගළවන්නට මම නුඹ සමඟ සිටිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


එක් ව මන්ත්‍රණය කරන්න; එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. ඇති තරම් කතා කරන්න. එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. මන්ද, දෙවියන් වහන්සේ අප සමඟ ය.


සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වේ වා! ඔබ සැමට කරුණාව වේ වා!


මන්ද, මම ඔබ සමඟ සිටිමි; ඔබට අනතුරු කරන ලෙස කිසිවෙක් ඔබට විරුද්ධ ව නො එන්නේ ය. මට මේ නුවර බොහෝ සෙනඟ සිටිති”යි වදාළ සේක.


මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.


මම මේ සෙනඟට විරුද්ධ ව නුඹ බලවත් ලෝකඩ පවුරක් මෙන් කරන්නෙමි. ඔව්හු නුඹට විරුද්ධ ව යුද්ධ කරතත් නුඹෙන් ජය නොගනිති. මන්ද, නුඹ ගළවන්නත්, නිදහස් කරන්නත් මම නුඹ සමඟ සිටිමි.


“එසේ වී නමුත් ඒ දවස්වල දී වුව ද සහමුලින් ම නුඹලා නැති කරන්නෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


දේශය සහමුලින් ම විනාශ නොකර මිදි අතු කපා දමන්නට කියා ද අතු සමිඳාණන් වහන්සේට අයිති නැති නිසා ඒවා කපා දමන්නට කියා ද මම නියම කරමි.


සමිඳුනි, ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව; දැඩි කෝපයෙන් දඬුවම් නුදුන මැනව.


“මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,” යනු ය. ඒ නාමයේ අර්ථය නම්, “දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි.


මා විසින් එසේ දිවැස් වැකි කියද්දී බෙනායාගේ පුත් පෙලතියා මැරී වැටුණේ ය. එවිට මම මුණින් වැටී, “අනේ! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් ඔබ නැත්තට ම නැතිකරන සේක් දැ”යි මහා හඬින් මොරගසා ඇසීමි.


එහෙත් නුඹලාගේ පව් සිහි නොකොට, නුඹලාගේ වරද කමා කරන දෙවිඳාණෝ මම ය. එසේ කරන්නේ, මම දෙවිඳාණන් වන නිසා ය.


කෙසේ වුව ද, ඔවුන්ගේ සතුරන්ගේ රටවල සිටින විට ඔවුන් සහමුලින් ම වනසාලනු පිණිස ද මා සමඟ පිහිටුවාගත් ගිවිසුම කඩ කිරීමට මඟ නොපෑදෙන ලෙස ද මම ඔවුන් අත් නොහරිමි. මම ඔවුන් පිළිකුල් නොකරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


උන් වහන්සේ දයාවන්ත දෙවි කෙනෙකු බැවින්, ඔබ අත් නොහරින සේක; ඔබ නොවනසන සේක; උන් වහන්සේ ඔබේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ ගිවිසුම අමතක නොකරන සේක.


“සමිඳුන්ගේ තිර පෙම කිසි කලෙක පහ නොවන්නේ ය; එතුමන්ගේ දයාව කෙළවර නොවන්නේ ය.


“එසේ වී නමුත්, මම නුඹලාගෙන් සමහරෙකු ජීවත් ව සිටින්නට ඉඩ හරින්නෙමි. ඔවුන් කඩුවෙන් ගැළවී ජාතීන් අතර විසිර යනු ඇත.


දැඩි කෝපයට මම ඉඩ නොදෙමි. මම නැවත එප්‍රායිම් විනාශ නොකරමි. මන්ද, මම මනුෂ්‍යයෙකු නොව දෙවියන් වහන්සේ වෙමි. ඔබ සමඟ සිටින ශුද්ධ තැනැන් වහන්සේ මම ය, විනාශ කරන්නට මට ආශාවක් නැත. කෝපයෙන් මම ඔබ වෙත නොඑමි.


මම දහස් ගණනකට කරුණාව පාමින්, දුෂ්ටකමට ද නපුරට හා පාපයට ද කමාව දෙන්නෙමි. එහෙත් වරදකරුවන් නිදහස් නොකර, පියවරුන්ගේ පව් නිසා තුන් වන, හතර වන දරු පරපුර දක්වා ඔවුන්ගේ දරු මුණුබුරන්ට දඬුවම් කරන දෙවියන් වහන්සේ මම යැ”යි වදාළ සේක.


‘මම කරුණු තුනක් නුඹ ඉදිරියෙහි තබමි; නුඹ පිට පමුණුවන පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්