ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි; දූෂණය කෙළෙමි. එහෙත්, දෙවි තුමාණෝ මට සමාව දුන් සේක.
යෙරෙමියා 3:21 - Sinhala New Revised Version “පාළු කඳු මුදුනෙහි හඬක් ඇසෙයි. ඒ වනාහි, ඉශ්රායෙල් සෙනඟ පවිටු මඟ ගිය නිසාත්, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කළ නිසාත් නැඟෙන ඔවුන්ගේ විලාපයේ හා කන්නලව්වේ හඬ ය. Sinhala New Revised Version 2018 “පාළු කඳු මුදුනෙහි හඬක් ඇසෙයි. ඒ වනාහි, ඉශ්රායෙල් සෙනඟ පවිටු මඟ ගිය නිසාත්, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කළ නිසාත් නැඟෙන ඔවුන්ගේ විලාපයේ හා කන්නලව්වේ හඬ ය. Sinhala Revised Old Version හඬක් මුඩු කඳු උඩ ඇසෙයි, එය වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ මාර්ගය පෙරළාගෙන, තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කළ නිසා ඔවුන්ගේ ඇඬීම සහ කන්නලව්කිරීමත්ය. |
ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි; දූෂණය කෙළෙමි. එහෙත්, දෙවි තුමාණෝ මට සමාව දුන් සේක.
දීබොන් දේශයේ සෙනඟ ගිරිකුළු දේවාලවලට ගොස් හඬා වැලපෙන්නෝ ය. නෙබෝ සහ මේදෙබා ගැන මෝවබ් වැලපෙන්නේ ය. දුක් බරින් ඔවුන් තමන්ගේ හිස් මුඩු කර රැවුල් කපා ඇත.
ඉශ්රායෙල්වරුනි, ඔබේ විමුක්තිය හා රැකවරණය වන, පර්වතය මෙන් වැඩ සිටින දෙවිඳුන් අමතක කර, ඔබ අඩොනිස් දෙවියාට ද අන්‍ය දෙවිවරුන්ට ද වෘක්ෂාරාම කැප කළහු ය.
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා බොරු කීවේත්, මා සහමුලින් ම අමතක කළේත් කවරෙකුට බියෙන් ද? නුඹලා මට බිය නොවන්නේ මා බොහෝ කලක් නිශ්ශබ්ද ව සිටි නිසා ද?
නාස්තිකාරයෝ පාළුකරයේ ගස්කොළන් නැති සියලු ම කඳුවලට පැමිණ සිටිති. සමිඳුන්ගේ කඩුවෙන් දේශය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා විනාශ කරනු ලබන්නේ ය. එහි කිසිවෙක් සාමය නොදකිති; එහි ජීවත් විය නොහැකි ය.
ඔබ සමිඳුන් අමතක කළ බැවින්, අන් දෙවිවරුන් විශ්වාස කළ හෙයින් ඔබ හැමට මැන තිබෙන උරුමයත්, ඉරණමත් මෙසේ වන්නේ යයි සමිඳාණෝ වදාරන සේක.
එහෙත්, මාගේ සෙනඟ මා අමතක කර ඇත. ඔව්හු දේව රූපවලට සුවඳ දුම් අල්ලති; ඔවුන්ගේ පැරණි ගමන් මාර්ගයෙහි ඔව්හු පැකිළී වැටෙති; මහ මඟ නොව, අතු පාරවල ගමන් කරති.
තරුණ කාන්තාවක ඇගේ ආභරණ ද මනමාලියක ඇගේ මඟුල් ඇඳුම ද අමතක කරනු ඇද් ද? එහෙත්, මාගේ සෙනඟ ගණන් කළ නොහැකි තරම් දවස් ගණනාවක් මා අමතක කළහ.
පාළු කඳු දෙසට ඇස් ඔසවා බලා, නුඹ වේශ්‍යාකම් නොකළ තැනක් ඇද්දැ යි බලන්න. කාන්තාරයේ බලා සිටින අරාබියෙකු සේ පෙම්වතුන් එන තෙක් නුඹ පාර අයිනේ බලා සිටියෙහි ය. නුඹේ දූෂිත වේශ්‍යාකම් නිසා නුඹ දේශය අපවිත්‍ර කෙළෙහි ය.
ඔවුන් අඬමින් ද කන්නලව් කරමින් ද ගිය නමුත්, මම ඔවුන් සනසමින් ආපසු ගෙනෙන්නෙමි. දිය ඔයවල් අසලින්, නොපැකිළෙන, ඇද නැති මාවත් ඔස්සේ ඔවුන් ගෙන යන්නෙමි. මම ඉශ්රායෙල්වරුන්ගේ පියා වෙමි; එප්‍රායිම් මාගේ කුළුඳුල් පුත්‍රයා වන්නේ ය.
“ජෙරුසලම් ජනයෙනි, නුඹලාගේ හිසකෙස් කපා ඉවත දමා, පාළු කඳු උඩ විලාපයක් නඟන්න. මන්ද, ස්වාමීන් වන මම, මාගේ කෝපයට ලක් වූ මේ පරම්පරාව ප්‍රතික්ෂේප කර අත්හළෙමි.
නුඹ මා අමතක කර මට පිටුපා ගිය බැවින් නුඹේ සල්ලාලකමේ සහ වේශ්‍යාකමේ දුර්විපාකය නුඹ ම දරන්නෙහි ය’ කියා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
එහෙත්, ඔවුන්, අතරෙන් ඉතිරි අය බියපත් ව මිටියාවත්වල පරෙවියන් මෙන් කඳුවලට පලා යනු ඇත. ඔවුන් තමන්ගේ පව් ගැන වැලපෙනු ඇත.
ඔව්හු පසු ව තෘප්තියට පැමිණියෝ ය. තෘප්තියට පැමිණ උඩඟු වූ හ. එවිට ඔව්හු මා අමතක කළෝ ය.
“ඉශ්රායෙල් දේශයේ සෙනඟ ඔවුන්ගේ මැවුම්කාරයාණන් අමතක කර, තමන්ට මාලිගා තනාගත්හ. ජුදා දේශයේ සෙනඟ සුරක්ෂිත වන පිණිස බලකොටු නගර වැඩි වැඩියෙන් තනාගත්හ. එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඒ නගර පිට ගින්නක් එවන සේක, එයින් එහි මාලිගා දැවී වැනසෙනු ඇත.”
යුක්තිය පිළිකුල් කරන, ඇත්ත නැත්ත කරන ජාකොබ්ගේ වංශයේ නායකයෙනි, ඉශ්රායෙල් වංශයේ අධිපතියෙනි, මට සවන් දෙන්න.
සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු අමතමින්, “නුඹේ කොටළුවාට නුඹ තුන් වතාවක් පහර දුන්නේ මන් ද? නුඹ මේ ගමන නොයා යුතු බැවින්, නුඹට අවහිර කිරීමට මම ආවෙමි.
දේව කැමැත්ත අනුව සිත් වේදනාව දරාගැනීමෙන් සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් ඇති වී, එය ගැළවීමට මඟ පාදන බැවින් කණගාටු වීමට ඉඩක් නැත. එහෙත් ලෞකික පිළිවෙළ අනුව සිත් වේදනාව දරාගැනීම මරණය ගෙන දෙයි.