Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 15:2 - Sinhala New Revised Version

2 දීබොන් දේශයේ සෙනඟ ගිරිකුළු දේවාලවලට ගොස් හඬා වැලපෙන්නෝ ය. නෙබෝ සහ මේදෙබා ගැන මෝවබ් වැලපෙන්නේ ය. දුක් බරින් ඔවුන් තමන්ගේ හිස් මුඩු කර රැවුල් කපා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 දීබොන් දේශයේ සෙනඟ ගිරිකුළු දේවාලවලට ගොස් හඬා වැලපෙන්නෝ ය. නෙබෝ සහ මේදෙබා ගැන මෝවබ් වැලපෙන්නේ ය. දුක් බරින් ඔවුන් තමන්ගේ හිස් මුඩු කර රැවුල් කපා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 අඬන පිණිස ඔහු ගෘහයටත් දීබොන්හි උස් තැන්වලටත් ගියේය. මෝවබ් වනාහි නෙබෝ සහ මේදෙබා ගැන කෑමොරගසයි. ඔවුන් සියල්ලන්ගේ ඉස් මුඩුකර තිබේ, සෑම රැවුල් කපා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 15:2
34 හුවමාරු යොමු  

ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෝවබ් ගැන වදාළ දේ මෙසේ ය: “අහෝ, නෙබෝ‍් වැසියන්ට වන විපතක මහත! මන්ද, එය පාළු වී ඇත. කිරියාතයිම් ලජ්ජාවට පත් වී ඇත. සතුරා එය අල්ලාගෙන ඇත. එහි බලකොටු නින්දිත ලෙස බිඳදමා ඇත. මිස්ගාබ් ලජ්ජාවටත්, කැළඹීමටත් පැමිණියේ ය.


“කිසි ම පූජකයෙකු තම හිස මුඩු කොට නොගත යුතු ය. තම රැවුලේ අගිස් කපා නොදැමිය යුතු ය. තමාගේ ශරීරයේ කැපීමක් කර නොගත යුතු ය.


“අහෝ; දීබොන්හි වැසියෙනි! නුඹලාගේ තේජසින් බැස අවුත් බිම දූවිල්ලෙහි හිඳ ගන්න. මන්ද, මෝවබ් විනාශ කළ සතුරා නුඹලාට විරුද්ධ ව පැමිණ නුඹලාගේ බලකොටු විනාශ කරනු ඇත.


එවිට සුවඳ ද්‍රව්‍ය වෙනුවට දුගඳ ද බඳ පටි වෙනුවට ලණුවක් ද මනා ලෙස ගෙතූ වරලස වෙනුවට හිස් මුඩුකම ද ශෝභමාන ඇඳුම් වෙනුවට දළ රෙදි ද රූපශ්‍රීය වෙනුවට විළිලජ්ජාව ද ඔවුන්ට ඇති වන්නේ ය.


ඉක්බිති මෝසෙස් මෝවබ් නම් මිටියාවතින්, නෙබෝ නම් කඳුකරයට ගොස්, ජෙරිකෝ නගරයට ඉදිරියෙන් පිහිටි පිස්ගා කඳු මුදුනට නැංගේ ය. එහි දී සමිඳාණන් වහන්සේ ඔහුට දාන් නගරය දක්වා විහිදුණු මුළු ගිලියද් දේශය ද


හෙෂ්බොන් සිට දීබොන් දක්වා, නාෂිම් සිට මෙදිබා අසල නෝපා දක්වා, ඔවුන්ගේ පෙළපත වැනසී ඇත.”


ඔව්හු ගෝණි රෙදි ඇඳගන්නෝ ය. භීතියෙන් ඇලළී යන්නෝ ය. හිස් මුඩු කරනු ලැබූ ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය.


එබැවින් මෝවබ් ගැන මුළු මෝවබ් ගැන වැලපෙන්නෙමි. කීර්-හෙරෙස්හි මිනිසුන් ගැන වැලපෙන්නෙමි.


“ගාසාහි ජනයා පිට මහා පීඩනයක් පැමිණ ඇත. අෂ්කෙලෝන්හි සෙනඟ විපතට පත් වී සිටිති. පිලිස්තියේ ඉතිරි සෙනඟ තව කොපමණ කල් තමන්ගේ ශරීර කපා කොටාගන්නෝ ද?


“ජෙරුසලම් ජනයෙනි, නුඹලාගේ හිසකෙස් කපා ඉවත දමා, පාළු කඳු උඩ විලාපයක් නඟන්න. මන්ද, ස්වාමීන් වන මම, මාගේ කෝපයට ලක් වූ මේ පරම්පරාව ප්‍රතික්ෂේප කර අත්හළෙමි.


ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක.


මෝවබ්හි සෙනඟ යාච්ඤා කරන පිණිස කඳු මුදුන්හි ඇති ශුද්ධස්ථානවලටත්, ගිරිකුළු දේවාලවලටත් යමින් වෙහෙසෙති. එයින් ඔවුන්ට කිසි වැඩක් වන්නේ නැත.


එක් කෙනෙකු වත් නෑර, මෝවබ්වරු තමන්ට ඇති දුක් විපත් නිසා වැලපෙති. ඔව්හු කීර්-හරෙසෙත් කෙරෙහි බලාපොරොත්තු සුන් වී වැලපෙති.


වීථිවල සිටින සෙනඟ ගෝණි රෙදි ඇඳ සිටිති; ඔව්හු සැම දෙන ම තමන්ගේ පියසි උඩ ද එළිමහන් ඉඩම්වල ද කඳුළු හළමින්, කෑමොරගසා විලාප කියති.


පිලිස්ති ජනයෙනි, උදව් උපකාර ඉල්ලා කෑමොර ගසන්න; භීතියෙන් ඇලළී යන්න. උතුරෙන් දූවිලි වලාකුළක් මෙන් හමුදාවක් පැමිණෙන්නේ ය. එය වනාහි බිය සුලු ව ආ අය කිසිවෙකු නැති යුද හමුදාවකි.


මෙපවත් ඇසූ ජෝබ් නැඟිට, දුක දරාගත නොහැකි ව තම වස්ත්‍ර ඉරාගෙන, හිස මුඩු කොට, මුණින් වැටී වැඳ මෙසේ කී ය:


“ඔබ දෙවි සමිඳාණන් වහන්සේගේ දරුවෝ ය. මළවුන් නිසා ඔබ ශරීරය කපා නොගත යුතු ය. ඔබේ නළලට ඉහළින් කෙස් රොද කපා නොගත යුතු ය.


නම් වෙනස් කරන ලද නෙබෝ සහ බාල්-මෙයොන් ද, සිබ්මා ද යන නගර ඉදි කළහ. ඔව්හු තමන් ගොඩනැඟුවා වූ නගරවලට අලුත් නාම ද තැබූ හ.


“අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති,


“යම් පුරුෂයෙකුගේ හිසකෙස් වැටුණොත් ඔහු හිස මුඩු කෙනෙකි; ඔහු පවිත්‍ර ය.


හෙෂ්බොනින් නික්ම ගිය ගින්න, සීහොන් නුවරින් නික්ම ගිය ගිනි දලුව, මෝවබ්හි ආර් ද අර්ණොන් ගිරිකුළු නායකයන් ද දවාදැමී ය.


එබැවින් හානුන් දාවිත්ගේ සේවකයන් අල්ලා ඔවුන්ගේ රැවුලෙන් බාගයක් බූ ගා, තට්ටම් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපා දමා ඔවුන් යන්නට හැරියේ ය.


“පාළු කඳු මුදුනෙහි හඬක් ඇසෙයි. ඒ වනාහි, ඉශ්රායෙල් සෙනඟ පවිටු මඟ ගිය නිසාත්, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කළ නිසාත් නැඟෙන ඔවුන්ගේ විලාපයේ හා කන්නලව්වේ හඬ ය.


“බලන්න, වතුර උතුරෙන් ගලා අවුත්, උතුරා යන ගඟක් වී, දේශය සහ එහි ඇති සෑම දෙයක් ද නගරය සහ එහි වැසියන් ද උඩින් ගලා යන්නේ ය. මනුෂ්‍යයෝ ද කෑගසන්නෝ ය. දේශයේ සියලු වැසියෝ කෑමොරගසන්නෝ ය.


මෝවබ්හි ගිරිකුළු දේවාලයන්හි පූජා කරන්නා ද තමාගේ දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන්නා ද මම නැති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


ඔව්හු නුඹ නිසා හිස් මුඩු කරගෙන, ගෝණි රෙදි ඇඳගෙන සිතේ ශෝකයෙන් මහා විලාප කියමින් නුඹ ගැන අඬන්නෝ ය.


“මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. වැලපෙන්න, අහෝ කාලයක හැටි!


නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යන් කරන්නෙමි; නුඹලාගේ තුති ගී ළතෝනි බවට හරවන්නෙමි. නුඹලාගේ බඳ වටා ගෝණි හඳවා හිස් මුඩු කරන්නෙමි. එක ම පුතාගේ මරණය නිසා වැලපෙන දෙමවුපියන් මෙන් නුඹලා වැලපෙන්නහු ය. ඒ දවස කෙළවර දක්වා තිත්ත ම තිත්ත වන්නේ ය.


එවිට හානුන් දාවිත්ගේ සේවකයන් අල්ලා, ඔවුන්ගේ රැවුල් බූගා, දණ හිසෙන් ඉහළට ඔවුන්ගේ ඇඳුම් මැදින් කපා දමා ඔවුන් යන්න හැරියේ ය.


අහෝ, හෙෂ්බොන් වැසියෙනි! කෑමොරගසන්න; මන්ද, හායි නටබුන් ගොඩක් විය. එම්බා, රබ්බා වනිතාවෙනි! කෑගසමින්, ගෝණි රෙදි හැඳගෙන, විලාප කියමින් වැටකොටු අතරේ ඔබමොබ දුවන්න. මන්ද, මල්කාම් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එක් ව වහල්කමට යන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්