ඒ නිසා සමිඳාණන් වහන්සේගේ උදහස ජුදා සහ ජෙරුසලම කෙරෙහි පැමිණියේ ය. ඔබේ ඇස්වලට පෙනෙන හැටියට ඔවුන් ඉතා අප්‍රිය වීමට ද බියජනක නින්දාවක් වීමට ද උන් වහන්සේ පාවා දුන් සේක.
යෙරෙමියා 29:18 - Sinhala New Revised Version මම යුද්ධය ද සාගතය ද වසංගතය ද උපකරණ කරගෙන ඔවුන් ලුහුබැඳ ගොස්, පොළොවේ සියලු රාජ්‍යයන්ට ද භීතියක් වන සේ සලසා, මා විසින් ඔවුන් පන්නාදමන ලද සියලු ජාතීන් අතර ඔවුන් සාපයක් ද සියල්ලන්ට භීතියක් ද සරදමක් ද නින්දාවක් ද වන්නට සලස්වන්නෙමි. Sinhala New Revised Version 2018 මම යුද්ධය ද සාගතය ද වසංගතය ද උපකරණ කරගෙන ඔවුන් ලුහුබැඳ ගොස්, පොළොවේ සියලු රාජ්‍යයන්ට ද භීතියක් වන සේ සලසා, මා විසින් ඔවුන් පන්නාදමන ලද සියලු ජාතීන් අතර ඔවුන් සාපයක් ද සියල්ලන්ට භීතියක් ද සරදමක් ද නින්දාවක් ද වන්නට සලස්වන්නෙමි. Sinhala Revised Old Version මම කඩුවද සාගතයද වසංගතයද ඇතුව ඔවුන් පස්සේ එළවාගෙන ගොස්, පොළොවේ සියලු රාජ්‍යවල ඔබමොබ විසුරුවනු ලැබීමටත් මා විසින් ඔවුන් පන්නාදමනලද සියලු ජාතීන් අතරේ ශාප වචනයක්ද විස්මයක්ද කවටකමක්ද නින්දාවක්ද වීමටත් ඔවුන් පාවා දෙන්නෙමි. |
ඒ නිසා සමිඳාණන් වහන්සේගේ උදහස ජුදා සහ ජෙරුසලම කෙරෙහි පැමිණියේ ය. ඔබේ ඇස්වලට පෙනෙන හැටියට ඔවුන් ඉතා අප්‍රිය වීමට ද බියජනක නින්දාවක් වීමට ද උන් වහන්සේ පාවා දුන් සේක.
මරණයට නියම වූ බැටළුවන් මෙන් ඔබ අප මරණයට නියම කළ සේක; විජාතීන් අතරට අප විසුරුවා හැරිය සේක;
මා තෝරා ගත්තවුන්ට නුඹලාගේ නාමය සාපයක් මෙන් වන්නේ ය. එහෙත්, එතුමන්ගේ දාසයෝ නව නාමයකින් අමතනු ලබති. මහෝත්තම ස්වාමීන් වන දෙවිඳාණෝ නුඹලා වනසන සේක.
ජුදාහි රජ වූ හෙසකියාගේ පුත් මනස්සේ ජෙරුසලමේ කළ දේ නිසා, ලොවේ සියලු ජාතීන්ගේ පිළිකුලට ඔවුන් භාජන කරන්නෙමි.
මෙසේ ඔවුන් මේ දේශය මහා භීතියට කරුණක් ද සදහට ම පිළිකුලක් ද කර ඇත. ඒ ළඟින් යන අය බියෙන් බියට පත් ව විස්මයෙන් හිස වන වනා යති.
මේ දේශය මහා භීතියකට කරුණක් ද පිළිකුලක් ද කරන්නෙමි. ඒ ළඟින් යන අය බියෙන් බියට පත් වී ඔවුන්ට සිදු වූ විපත ගැන සරදම් කරන්නෝ ය.
මා ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශයේ කිසිවෙකු ඉතිරි නොවන ලෙස යුද්ධයත්, සාගතයත්, වසංගතයත් ඔවුන් කෙරෙහි පමුණුවන්නෙමි.”
ලොවේ සියලු ජාතීන් තැති ගන්වන සුලු විනාශයක් මම ඔවුන් පිට පමුණුවන්නෙමි. විජාතීන් ඉදිරියෙහි ඔවුන්ට නින්දාව ද සමච්චලය ද සරදම ද ඇත; මා ඔවුන් විසුරුවා හරින සෑම තැන්හි ම ඔවුන් සාපයක් වනු ඇත.
මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය.
එවිට, මම ෂිලෝවට කළ දේ මේ දේව මාලිගාවටත් කරන්නෙමි. ලොවේ සියලු ජාතීන් මේ නගරයේ නම සාපවචනයක් වශයෙන් ව්‍යවහාර කිරීමට සලසන්නෙමි.’ “
“යම් ජාතියක් හෝ රාජ්‍යයක් හෝ බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, ඔහුගේ පාලනය නමැති වියගහට කර තබන්නේ නැත්නම්, මා ඒ ජාතිය හෝ රාජ්‍යය හෝ නෙබුකද්නෙශර් ලවා වනසාදම්මන තුරු, මම එයට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන් අතරට යුද්ධය ද සාගතය ද වංසගතය ද පමුණුවා ඔවුන් කන්නට බැරි තරම් නරක් වී තිබෙන පිළිකුල් අත්තික්කා මෙන් කරන්නෙමි.
බබිලෝනියේ විප්‍රවාසීන් ව සිටින සියලු ම ජුදෙව්වරුන්ට සාප වචනයක් මෙන් භාවිත කරන්නට වුවමනා වූ විට, බබිලෝනියේ රජු විසින් ගින්නෙන් දවනු ලැබූ ශෙදෙකියාටත්, ආහබ්ටත් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ නුඹලාටත් කරන සේක් වා යි කියනු ඇත.
“මෙන්න, නගරය අල්ලාගන්න පිණිස ඒ වටා පස් කඳු සාදා ඇත. බබිලෝනිවරු නගරයට පහර දෙන්නෝ ය. යුද්ධයත්, සාගතයත්, වසංගතයත් කරණකොටගෙන නගරය ඔවුන්ට අත්පත් වන්නේ ය. ස්වාමීනි, ඔබ වදාළ දේ සිද්ධ වී තිබෙන බව ඔබට පෙනෙන්නේ ය.
එබැවින් ස්වාමීන් වන මම මෙසේ කියමි. නුඹලා මට අකීකරු වී, නුඹලාගේ සහෝදර අසල්වැසි හෙබ්‍රේවරුන්ට නිදහස ප්‍රකාශ නොකළහු ය. ඒ නිසා කඩුවට ද වසංගතයට ද සාගතයට ද මම නුඹලා පාවා දෙන්නෙමි. මා නුඹලාට කරන දේ ගැන පොළොවේ සියලු ජාතීන් තැති ගැනීමට මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
“ ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මාගේ උදහසත්, කෝපයත් ජෙරුසලමේ වැසියන් පිට වැගුරුණු ලෙස, නුඹලා මිසරයට පැමිණි විට නුඹලා පිට ද මාගේ කෝපය වැගිරෙනු ඇත. අනුන්ගේ පිළිකුලට හා සමච්චලයට ද භීතියට හා සාපයට ද භාජන වන්නහු ය. කිසි කලක මේ ස්ථානය නුඹලා නොදකින්නහු ය.’ ”
මිසර දේශයෙහි පදිංචි වන පිණිස එහි පැමිණි ජුදාහි ඉතිරි ව සිටින සෙනඟ සියල්ලන් ම රැගෙන මම විනාශ කරන්නෙමි. ඔව්හු සියල්ලෝ ම මිසර දේශයේ දී කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය; ලොකු කුඩා සියල්ලෝ ම කඩුවෙන් ද සාගතයෙන් ද මැරෙන්නෝ ය. ඔව්හු සියල්ලන් ඉදිරියෙහි පිළිකුලක් ද සාපයක් ද භීතියක් ද සමච්චලයක් ද වන්නෝ ය.
එසේ ඔබේ දුෂ්ටකම් ද ඔබ කළ පිළිකුල් ක්‍රියා ද සමිඳාණන් වහන්සේට තවත් ඉවසන්නට නොහැකි විය. එබැවින් ඔබේ දේශය අද තිබෙන හැටියට වැසියෙකු නැති ව, පාළු වී, සාප ලද්දක් ව තිබේ;
“මා ඔවුන් ජාතීන් අතරට පන්නාදමා විදේශවල විසුරුවාදැමූ කල්හි, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
මම නුඹ විජාතීන් අතරට පන්නාදමා, නුඹ විදේශවලට විසුරුවා හැර නුඹේ අපවිත්‍රකම නුඹෙන් පහකර දමන්නෙමි.
“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන්ට විරුද්ධ ව කලහකාරී සෙනඟක් පමුණුවා, පීඩා විඳීමටත්, කොල්ලකනු ලැබීමටත් ඔවුන් පාවා දෙන්නෙමි.
විජාතීන් අතරට මම ඔවුන් පන්නාදැමීමි. ඇරත් ඔව්හු දේශවල විසුරුවනු ලැබූ හ. ඔවුන්ගේ කල්ක්‍රියාවේ හැටියට ද ඔවුන්ගේ හැසිරීමේ ප්‍රකාරයට ද ඔවුන් විනිශ්චය කෙළෙමි.
මා උදහසින් ද කෝපයෙන් ද රුදුරු දඬුවම්වලින් ද මාගේ නියෝගයන් නුඹ වෙත ඉෂ්ට කරන කල්හි නුඹ අවට සිටින සියලු විජාතීන් භීතියෙන් ඇලළී යනු ඇත. නුඹලා අවට සිටින විජාතීන්ට එය නින්දාවක් සහ සරදමක් ද යස පාඩමක් හා භීතියක් ද වන්නේ ය. මෙසේ පවසන්නේ, සමිඳාණන් වහන්සේ වන මම ය.
“එසේ වී නමුත්, මම නුඹලාගෙන් සමහරෙකු ජීවත් ව සිටින්නට ඉඩ හරින්නෙමි. ඔවුන් කඩුවෙන් ගැළවී ජාතීන් අතර විසිර යනු ඇත.
නුඹලාට විරුද්ධ ව යුද්ධ ඇති කොට, මිසදිටුවන් අතර නුඹලා විසුරුවා හරිමි. නුඹලාගේ රට පාළු වනු ඇත, නගර වැනසෙනු ඇත.
“වැදගැම්මකට නැති අය වෙන් කරන පිණිස, පෙනේරෙන් ධාන්‍ය හලන්නා සේ මම ඉශ්රායෙල් සෙනඟ ජාතීන් අතරේ ඒ මේ අත හැලීමට අණ කරන්නෙමි.
ඔම්රි රජුගේ අණපණත් ද, ආහබ්ගේ නපුරු ක්‍රියා ද නුඹලා අනුගමනය කළහු ය. ඔවුන්ගේ ප්‍රතිපත්ති නුඹලා පිළිපැද්දහු ය. ඒ නිසා මම නුඹලා විනාශයට පත් කර, නුඹලා එපා කළ සෙනඟක් කරන්නෙමි. හැම තැන සිටින සියලු ජනයා නුඹලාට අපහාස කරන්නෝ ය.”
‘සුළි සුළඟකින් මෙන් මම ඔවුන් විදේශීය රටවල විසුරුවාදැමීමි. ඒ දේශයට යන එන කෙනෙකු නැති නිසා එය පාළු විය. නුඹලා යහපත් දේශය පාළුකරයක් කළහු ය’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
ජුදෙව් ජනයෙනි, ඉශ්රායෙල් ජනයෙනි, කලින් නුඹලා ජාතීන් අතරේ සාපයක් ව සිටි නමුත්, ආශීර්වාදයක් වන ලෙස මම නුඹලා මුදන්නෙමි. බිය නොවන්න. ධෛර්යවත් වන්න.”
ඔහු ඈට වතුර බොන්නට සැලැසූ පසු, ඈ දූෂණය වී ඇගේ සැමියාට විරුද්ධ ව වරදක් කර ඇත්නම්, ඒ වතුර ඇගේ ශරීරගත වී, වේදනා පමුණුවමින්, ඇගේ බඩ ඉදිමී, ඇගේ රහස් අවයව බෙලහීන වනු ඇත. ඈ ද ඇගේ සෙනඟ අතර සාපයක් වන්නී ය.
ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”
“සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් ඉදිරියෙහි ඔබ පරාජය වන්නට සලසන සේක. ඔබ ඔවුන්ට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් පලා යන්නහු ය. මිහි පිට සියලු රාජධානීන්හි වැසියන්ට ඔබ ගොරතර භීතියක් වන්නහු ය.
උන් වහන්සේ ඔබ පමුණුවන සියලු ජාතීන් අතර ඔබ ඔවුන්ගේ මවිතයට හේතු වනු ඇත. ඔව්හු ඔබ සමච්චලයට ද උපහාසයට ද ලක් කරන්නෝ ය.
“පොළොවේ එක් කොණක සිට අනික් කොණ දක්වා ජාති ජාතීන් අතරෙහි උන් වහන්සේ ඔබ විසුරුවා හරින සේක. එවිට ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත්, ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට ඔබ වැඳුම්පිදුම් කරන්නහු ය.