ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය.
යෙරෙමියා 25:3 - Sinhala New Revised Version “ආමොන්ගේ පුත් ජුදාහි රජු වූ ජොෂියාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේ ම සමිඳාණන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. මම ද නිරන්තරයෙන් එය ඔබට ප්‍රකාශ කෙළෙමි. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත. Sinhala New Revised Version 2018 “ආමොන්ගේ පුත් ජුදාහි රජු වූ ජොෂියාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේ ම සමිඳාණන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. මම ද නිරන්තරයෙන් එය ඔබට ප්‍රකාශ කෙළෙමි. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත. Sinhala Revised Old Version ඔහු මෙසේ කීය: ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දහතුන්වෙනි අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේම ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණියේය, මමද අලුයම නැගිට නුඹලාට කථාකෙළෙමි; එහෙත් නුඹලා ඇහුම්කන් දුන්නේ නැත. |
ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය.
ඉශ්රායෙල් රජ තමාගේ සේවකයන්ට කතා කොට, “රාමොත්-ගිලියද් අපට අයිති බව ඔබ දන්නහු ද? දැනගෙනත්, අප එය සිරියාවේ රජු අතින් උදුරාගැනීමට කිසිවක් නොකර සිටිනු නොවේ දැ”යි කීවේ ය.
එහෙත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු දිවැසිවරුන් ද දර්ශකයන් ද ලවා ඉශ්රායෙල්වරුන්ටත්, ජුදාවරුන්ටත් අවවාද කරමින්, “නුඹලාගේ නපුරු මාර්ගවලින් ඉවත් වී, නුඹලාගේ පියවරුන්ට මා අණ කළ, මාගේ සේවකයන් වන දිවැසිවරුන් අත නුඹලාට එවූ මාගේ මුළු ව්‍යවස්ථාව අනුව මාගේ ආඥා පවත්වන්නැ”යි වදාළ සේක.
එහෙත්, ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හරවන පිණිස උන් වහන්සේ දිවැසිවරුන් ඔවුන් අතරට එවූ සේක. ඒ දිවැසිවරුන් ඔවුන්ට අවවාද කළ නමුත්, ඔව්හු ඇහුම්කන් නුදුන්හ.
ඔහු රජකමට පත් වූ අට වන අවුරුද්දේ, බාල වියේ සිටිය දී ම, තමාගේ පිය වූ දාවිත්ගේ දෙවියන් වහන්සේ සොයන්න පටන්ගෙන, දොළොස් වන අවුරුද්දේ දී ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද කැපූ රූප ද වාත්තු රූප ද පහකර ජුදා සහ ජෙරුසලම පිරිසිදු කරන්න පටන් ගත්තේ ය.
තවද, ඔහු රජකමට පත් වූ දහඅට වන අවුරුද්දේ දී දේශයත්, දේව මාලිගාවත් පවිත්‍ර කළ පසු, තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස, අසලියාගේ පුත් ෂාපාන් ද නුවර අධිපතියා වූ මයසේයා ද වාර්තාකරුවා වන ජෝවාහාස්ගේ පුත් ජෝවා ද යැවී ය.
ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟටත්, ස්වකීය වාසස්ථානයටත් අනුකම්පා කළ නිසා, උන් වහන්සේ නැවත නැවත පණිවුඩකාරයන් අත ඔවුන්ට කියා ඇරිය සේක.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතාකොට, “අලුයම නැඟිට, පාරාවෝ ගංගාව බලා එන වේලාවේ දී ඔහු හමු වීමට ගොස්, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මට වැඳුම්පිදුම් කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.
කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.”
ආමොන්ගේ පුත් ජුදාහි රජ වූ ජොෂියාගේ රාජ්‍ය කාලයේ දහතුන් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.
මා ඔවුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා දින පටන් අද දක්වා නොකඩවා මම ඔවුන්ට අවවාද කර, මාගේ හඬට කීකරු වන්නැ යි සැබැවින් ම වදාළෙමි.
“ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “ඔවුන් මාගේ වචනය නොඅසන පිණිස මුරණ්ඩු ව සිටින බැවින් මම මේ නගරයටත්, ඊට යාබද උපනගරවලටත් විරුද්ධ ව මා කී සියලු විපත් පමුණුවන්නෙමි.”
ඔබ යෙහෙන් සුවෙන් සිටිය දී සමිඳාණන් වහන්සේ ඔබට කතා කළ සේක. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත. උන් වහන්සේගේ හඬට කීකරු නොවීම යොවුන් වියේ සිට ම ඔබේ පුරුද්දකි.
තවද, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු සේවකයන් වූ දිවැසිවරුන් නිරන්තරයෙන් ඔබ වෙත එවූ නමුත්, ඔබ ඔවුන්ට සවන් දුන්නේ වත්, ඔවුන් කී දේ සිතට ගත්තේ වත් නැත.
නිරන්තරයෙන් ම මා නුඹලා වෙත එවූ මාගේ සේවකයන් වන දිවැසිවරුන්ගේ පණිවුඩය නොසලකන්නහු නම්,
මෙසේ කරන්නේ, මා නිරන්තරයෙන් මාගේ සේවකයන් වූ දිවැසිවරුන් ඔවුන් වෙත යැවූ නමුත්, ඔවුන් මාගේ වචනය නොඇසූ නිසා ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ඔව්හු මට මූණ නො දී පිටු පා ගියෝ ය. මා නොකඩවා ම ඔවුන්ට ඉගැන්වූ නමුත්, ඔව්හු මාගේ දැනුමැතිකම නොපිළිගත්තෝ ය.
රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් මුද්‍රික පානය බොන්නට එපා ය කියා තමාගේ පුත්‍රයන්ට දුන් අණ ඔවුන් විසින් පිළිපදින ලද්දේ ය. ඔව්හු අද දක්වා ඒවා නොබී තමන්ගේ පියාගේ අණට කීකරු වෙති. එහෙත්, මුල සිට ම මා නුඹලාට කතා කළ නමුත්, නුඹලා මට ඇහුම්කන් නුදුන්නහු ය.
මාගේ සියලු සේවක දිවැසිවරුන් නොකඩවා නුඹලා ළඟට ගොස් මෙසේ ප්‍රකාශ කිරීමට නැවත නැවත එවීමි. ‘නුඹලා එකිනෙකා තම තමාගේ පාප මාර්ගයෙන් හැරී එන්න; නුඹලාගේ ක්‍රියා මාර්ගය හැඩගස්වා ගන්න; අන් දෙවිවරුන්ට සේවය කරන්නට ඔවුන් පස්සේ නොයන්න; එවිට නුඹලාටත්, නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දෙන ලද දේශයෙහි නුඹලා වාසය කරන්නහු ය’යි කීවෙමි. එහෙත්, නුඹලා කන්යොමු කර සවන් නුදුන්නහු ය; කී දේ සිතට ගත්තේ නැත.
ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:
“නුඹ අකුළන පොතක් රැගෙන, ජොෂියාගේ දවස්වල දී මා නුඹට වදාළ දින පටන් අද දවස දක්වා ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද සියලු ජාතීන් ද ගැන මා නුඹට කී සියලු ම වචන එහි ලියන්න.
මම ද, අහෝ, මා ද්වේෂ කරන ඔය පිළිකුල් දෙය නොකරන්නැ යි කියන්නට දිවැසිවරුන් වන මාගේ සියලු සේවකයන් වැළ නොකැඩී නුඹලා වෙත එවුවෙමි.
මා සඳහන් කළ සියලු පව් නුඹලා කර ඇත. මා නුඹලාට නැවත නැවත ඕනෑකමින් කතා කළ නමුත්, නුඹලා මට සවන් නොදුන්නහු ය. මා නුඹලාට අඬගැසූ නමුත්, නුඹලා මට පිළිතුරු නුදුන්නහු ය.
නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටත් ව පැමිණි දා සිට අද දක්වා, නොකඩවා මම මාගේ සේවකයන් වූ දිවැසිවරුන් ඔවුන් වෙත එවීමි.
හොරණෑ ශබ්දය අසා එය නොසලකා සිටින යම් කෙනෙකු කඩුවෙන් මරනු ලැබුවොත්, ඔහුගේ මරණයට ඔහු ම වගකිව යුතු වේ.
නුඹලාගේ මුතුන්මිත්තන්ට සමාන නොවන්න. පෙර සිටි දිවැසිවරු ඔවුන් අමතා, ‘නුඹලාගේ නපුරු මාර්ගවලින් ද නපුරු ක්‍රියාවලින් ද හැරෙන්නැ’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ කියන සේකැ’යි ඔවුන්ට මොරගැසූ හ. ඔවුන් එයට සවන් දුන්නේ වත්, ඒ ගැන සැලකුවේ වත් නැත.
අලුයම උන් වහන්සේ දේව මාලිගාවට වැඩිය සේක. මුළු සෙනඟ උන් වහන්සේ වෙත පැමිණියහ. උන් වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළ සේක.
දෙවියන් වහන්සේගෙන් පැවතෙන තැනැත්තේ දෙවියන් වහන්සේගේ වචන අසයි. ඔබ සවන් නොදෙන්නේ ඔබ දෙවියන් වහන්සේගෙන් නොවන බැවිනැ”යි වදාළ සේක.
දේව වචනය දේශනා කරන්න. කලටත් අකලටත් එහි නිරතව සිටින්න; ඉවසිලිවන්ත ව උගන්වමින් සත්‍යය පහදා දෙන්න. තරවටු කරන්න, දිරි ගන්වන්න.