Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 25:3 - Sinhala Revised Old Version

3 ඔහු මෙසේ කීය: ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දහතුන්වෙනි අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේම ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණියේය, මමද අලුයම නැගිට නුඹලාට කථාකෙළෙමි; එහෙත් නුඹලා ඇහුම්කන් දුන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 “ආමොන්ගේ පුත් ජුදාහි රජු වූ ජොෂියාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේ ම සමිඳාණන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. මම ද නිරන්තරයෙන් එය ඔබට ප්‍රකාශ කෙළෙමි. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “ආමොන්ගේ පුත් ජුදාහි රජු වූ ජොෂියාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේ ම සමිඳාණන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. මම ද නිරන්තරයෙන් එය ඔබට ප්‍රකාශ කෙළෙමි. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 25:3
32 හුවමාරු යොමු  

නුඹලා විසින් කන් දෙන්ට නොයෙදුණාවූ අනාගතවක්තෘවරුන් වන මාගේ සේවකයන්ගේ වචනවලට ඇහුම්කන්දෙන හැටියටත් නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත්,


මක්නිසාද මා විසින් නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාදා පටන් අද දක්වා මම අලුයම් වේලාවේ පටන්ම ඔවුන්ට අවවාදකර–නුඹලා මාගේ හඬට කීකරුවෙන්නැයි අවවාදකරමින් කීවෙමි.


ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වල, ඔහුගේ රජකමේ දහතුන්වෙනි අවුරුද්දේදී, ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණියේය.


ඉතින් නුඹලා මේ සියලු ක්‍රියාවල් කළ නිසාත්, මා නුඹලාට කථාකළ නුමුත්, අලුයම් වේලේ පටන්ම කථාකළ නුමුත්, නුඹලා ඇසුවේවත් මා නුඹලාට අඬගැසූ නුමුත් නුඹලා උත්තරදුන්නේවත් නැති නිසාත්,


මෙසේ කරන්නේ මා විසින් අලුයම නැගිට මාගේ සේවකයන්වූ අනාගතවක්තෘවරුන් ඔවුන් ළඟට ඇරිය නුමුත් ඔවුන් මාගේ වචන නෑසූ නිසායයි ස්වාමීන්වහන්සේ කියනසේක; නුඹලාද ඇසුවේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


තවද ඔහුගේ රජකම්කිරීමේ දහඅටවෙනි අවුරුද්දේදී දේශයත් ගෘහයත් පවිත්‍රකළාට පසු, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියාකරන පිණිස, අසලියාගේ පුත්‍රවූ ෂාපාන්ද නුවර අධිපතියාවූ මයසේයාද වාර්තාකරුවා වන යෝවාහාස්ගේ පුත්‍රවූ යෝවාද හැරියේය.


ඔහුගේ රජකම්කිරීමේ අටවෙනි අවුරුද්දේ, ඔහු බාලව සිටියදීම, තමාගේ පියවූ දාවිත්ගේ දෙවියන්වහන්සේ සොයන්ට පටන්ගෙන, දොළොස්වෙනි අවුරුද්දේදී උස්තැන්ද අෂේරා කණුද කැපූ රූපද වාත්තු රූපද පහකර, යූදා සහ යෙරුසලම පිරිසිදුකරන්ට පටන්ගත්තේය.


වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.


දෙවියන්වහන්සේගෙන් වූ තැනැත්තේ දෙවියන්වහන්සේගේ වචන අසයි. නුඹලා දෙවියන්වහන්සේගෙන් නොවන බැවින් ඒවා අසන්නේ නැතැයි කීසේක.


උන්වහන්සේ අලුයම දේවමාළිගාවට නැවත ආසේක, මුළු සෙනඟ උන්වහන්සේ ළඟට පැමිණියෝය; උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට ඉගැන්වූසේක.


උදය පහන්වෙන්ට බොහෝ ප්‍රථමයෙන් උන්වහන්සේ නැගිට වනාන්තර ස්ථානයකට පිටත්ව ගොස්, එහිදී යාච්ඤාකළසේක.


මමද: අහෝ මා ද්වේෂකරන ඔය පිළිකුල් දෙය නොකරන්නැයි කියන්ට ප්‍රොපේතවරුන් වන මාගේ සියලු සේවකයන් අලුයම් වේලාවේ පටන්ම නුඹලා ළඟට එවුවෙමි.


මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් නුඹලා ළඟට එවීමි; අලුයම් වේලාවේ පටන්ම එවා: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඔවුන් පස්සේ නොගොස්, නුඹලාගේ ක්‍රියා හරිගස්සාගන්න, එවිට නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දුන් දේශයෙහි නුඹලා වාසයකරන්නහුයයි කීවෙමි. එහෙත් නුඹලා කන් යොමුකළේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැත.


තවද ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් අලුයම් වේලාවේ පටන්ම නුඹලා ළඟට එවූසේක; එහෙත් නුඹලා ඇසුවේවත් අසන්ට නුඹලාගේ කන්යොමුකළේවත් නැත.


කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට නුඹලාගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්තිවිඳීවා.


අහෝ මාගේ සෙනඟ මට කන් දුන්නොත් ඉශ්‍රායෙල් මාගේ මාර්ගවල හැසුරුණොත්, යහපත!


ඉශ්‍රායෙල් රජ තමාගේ සේවකයන්ට කථාකොට: රාමොත්-ගිලියද් අපට අයිති බව නුඹලා දන්නහුද? දැනගනත් අප ඒක සිරියේ රජු අතින් නොගෙන නිකම් සිටිනවා නොවේදැයි කීවේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: අලුයම නැගිට ඵාරාවෝ ඉදිරියෙහි සිටුව; බලව, ඔහු වතුර ළඟට පිටත්ව එන්නේය; ඔහුට කථාකරමින්: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.


ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍රවූ ඊසාක්ද රැගෙන, දවන පූජාව පිණිස දර පළාගෙන, නැගිට දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය.


යොෂියා අට අවුරුදු වයසේදී රජවී තිස්එක අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.


ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟටත් ස්වකීය වාසස්ථානයටත් අනුකම්පාකළ නිසා උන්වහන්සේ අලුයම්හි නැගිට පණිවිඩකාරයන් අත ඔවුන්ට කියා ඇරියසේක.


නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටත්ව ආ දා සිට අද දක්වා, දවස්පතා අලුයම නැගිට, මාගේ සියලු සේවකයන්වූ අනාගත වක්තෘවරුන් නුඹලා ළඟට එවීමි.


ඔව්හු මට මුහුණ නොව පිට පෑවෝය. මා අලුයම් වේලාවේ පටන්ම ඔවුන්ට ඉගැන්වූ නුමුත් ඔව්හු අසා දැනමුතුකම පිළිනොගත්තෝය.


රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ් මුද්‍රිකපානය බොන්ට එපාය කියා තමාගේ පුත්‍රයන්ට අණකළ වචන ඉෂ්ට කරනලද්දේය. ඔව්හු අද දක්වා ඒවා නොබී, තමුන්ගේ පියාගේ ආඥාවට කීකරුවෙති. එහෙත් මා අලුයම් වේලාවේ පටන්ම නුඹලාට කථාකළ නුමුත් නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැත.


යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යොහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී මේ වචනය ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමුණුණේය.


නුඹ අකුළන පොතක් රැගෙන, යොෂියාගේ දවස්වලදී මා නුඹට කථා කළදා පටන් අද දවස දක්වා ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද සියලු ජාතීන්ද ගැන මා විසින් නුඹට කී සියලුම වචන එහි ලියන්න.


එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු ප්‍රොපේතවරුන්ද දර්ශකයන්ද ලවා ඉශ්‍රායෙල්වරුන්ටත් යූදාවරුන්ටත් අවවාද කරවමින්: නුඹලාගේ නපුරු මාර්ගවලින් අහක්වී, නුඹලාගේ පියවරුන්ට මා අණකළාවූ, මාගේ සේවකයන්වූ ප්‍රොපේතවරුන් අත නුඹලාට එවුවාවූ මාගේ මුළු ව්‍යවස්ථාවේ හැටියට මාගේ ආඥා පවත්වන්නැයි කීසේක.


නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හරවන පිණිස උන්වහන්සේ ප්‍රොපේතවරුන් ඔවුන් අතරට එවූ සේක; ඒ ප්‍රොපේතවරුන් ඔවුන්ට අවවාදකළ නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක්: බලව, මම මේ නුවරටත් ඊට අයිති සියලුම දනව්වලටත් විරුද්ධව කී මුළු විපත්තිය ඒවා පිටට පමුණුවන්නෙමි; මක්නිසාද ඔව්හු මාගේ වචන නාසන ලෙස තමුන්ගේ කුළල් දැඩිකර ගත්තෝයයි කීසේකැයි කීවෝය.


නුඹ සැපතින් සිටිද්දී නුඹට කථාකෙළෙමි; නාසන්නෙමියි නුඹ කීවෙහිය. මාගේ හඬට කීකරු නොවීම නුඹේ බාල කාලයේ පටන් නුඹේ විධියව තිබුණේය.


හොරණෑ ශබ්දය අසා ඒක නොසලකා සිටින යම් කෙනෙකු කඩුව පැමිණ පහකළොත්, ඔහුගේ ලේ තමාගේම හිස පිට වන්නේය.


නුඹලාගේ පියවරුන්ට සමාන නොවෙන්න, පළමු අනාගතවක්තෘවරුන්: නුඹලාගේ නපුරු මාර්ගවලින්ද නපුරු ක්‍රියාවලින්ද හැරෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක කියා ඔවුන්ට මොරගැසූ නුමුත්, ඔවුන් ඇසුවේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්