ඔහුගේ දවස්වල දී මිසරයේ රජ වූ පාරාවෝ - නෙකො අසිරියාවේ රජුගේ සහායට යුප්‍රටීස් ගංගාව ළඟට ගියේ ය. එවිට ජොෂියා රජ ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. මිසරයේ රජ ද මෙගිද්දෝහි දී ජොෂියා දුටු විට ඔහු මැරී ය.
යෙරෙමියා 22:12 - Sinhala New Revised Version “ඔහු වහල්කමට ගෙනයනු ලැබූ තැන ම නසින්නේ ය. ඔහුගේ මේ දේශය කවදාවත් ඔහු නැවත නොදකින්නේ යැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 “ඔහු වහල්කමට ගෙනයනු ලැබූ තැන ම නසින්නේ ය. ඔහුගේ මේ දේශය කවදාවත් ඔහු නැවත නොදකින්නේ යැ”යි වදාළ සේක. Sinhala Revised Old Version ඔහු අල්ලාගෙන යනු ලැබූ ස්ථානයේදීම මැරෙන්නේය, ඔහු තවත් මේ දේශය නොදක්නේය. |
ඔහුගේ දවස්වල දී මිසරයේ රජ වූ පාරාවෝ - නෙකො අසිරියාවේ රජුගේ සහායට යුප්‍රටීස් ගංගාව ළඟට ගියේ ය. එවිට ජොෂියා රජ ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. මිසරයේ රජ ද මෙගිද්දෝහි දී ජොෂියා දුටු විට ඔහු මැරී ය.
තවද, පාරාවෝ-නෙකො තෙමේ ජොෂියා රජුගේ පුත් එලියාකිම් ඔහුගේ පිය වූ ජොෂියා වෙනුවට රජකමට පත් කොට, ඔහුගේ නාමය ජෙහෝයාකිම් ය කියා වෙනස් කෙළේ ය. එහෙත්, ඔහු ජෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේ ය. එහි දී ඔහු මළේ ය.
එබැවින් ජොෂියාගේ පුත් ජුදාහි රජු වන ජෙහෝයාකිම් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ ‘අනේ! මාගේ සහෝදරය, අනේ! මාගේ සහෝදරිය’ කියා ඔහු ගැන කිසිවෙක් නොවැලපෙති. ‘අනේ! ස්වාමීනි, අනේ රජිඳුනි,’ කියා ද කිසිවෙක් නොවැලපෙති.
“ ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මාගේ උදහසත්, කෝපයත් ජෙරුසලමේ වැසියන් පිට වැගුරුණු ලෙස, නුඹලා මිසරයට පැමිණි විට නුඹලා පිට ද මාගේ කෝපය වැගිරෙනු ඇත. අනුන්ගේ පිළිකුලට හා සමච්චලයට ද භීතියට හා සාපයට ද භාජන වන්නහු ය. කිසි කලක මේ ස්ථානය නුඹලා නොදකින්නහු ය.’ ”