මන්ද, අපේ පියවරු ද්‍රෝහිකම් කරමින්, අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, උන් වහන්සේ අත්හැර උන් වහන්සේගේ වාසස්ථානය වෙතින් අහක් වී උන් වහන්සේට පිටු පෑවෝ ය.
යෙරෙමියා 2:27 - Sinhala New Revised Version ගසකට, ‘නුඹ මාගේ පියා ය’ කියා ද ගලකට ‘නුඹ මාගේ මව ය’ කියා ද කියන නුඹලා සියලු දෙනා ලජ්ජාවට පත් වනු ඇත. මෙසේ වන්නේ, නුඹලා මා වෙත නොහැරී මට පිටු පෑ බැවිනි. එහෙත්, නුඹලා විපතට පත් වූ විට ‘නැඟිට අප ගැළෙවුව මැනවැ’යි මට කන්නලව් කරන්නහු ය. Sinhala New Revised Version 2018 ගසකට, ‘නුඹ මාගේ පියා ය’ කියා ද ගලකට ‘නුඹ මාගේ මව ය’ කියා ද කියන නුඹලා සියලු දෙනා ලජ්ජාවට පත් වනු ඇත. මෙසේ වන්නේ, නුඹලා මා වෙත නොහැරී මට පිටු පෑ බැවිනි. එහෙත්, නුඹලා විපතට පත් වූ විට ‘නැඟිට අප ගැළෙවුව මැනවැ’යි මට කන්නලව් කරන්නහු ය. Sinhala Revised Old Version ඔව්හු: මාගේ පියාණෝ නුඹයයි දණ්ඩකටද: නුඹ මා ඉපදෙවූවෙහියයි ගලකටද කියති. මක්නිසාද ඔව්හු මට තමුන්ගේ මුහුණ නොව පිට පෑවෝය. එහෙත් ඔවුන්ගේ විපත්ති කාලයේදී: ඔබ නැගිට අප ගැළෙවුව මැනවයි ඔවුන් කියනවා ඇත. |
මන්ද, අපේ පියවරු ද්‍රෝහිකම් කරමින්, අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, උන් වහන්සේ අත්හැර උන් වහන්සේගේ වාසස්ථානය වෙතින් අහක් වී උන් වහන්සේට පිටු පෑවෝ ය.
පෙරදිග සුළඟකින් මෙන් සතුරන් ඉදිරියෙහි මම ඔවුන් විසුරුවා හරින්නෙමි. මාගේ මුහුණ හරවාගෙන ඔවුන්ගේ විපත් සමයෙහි ඔවුන්ට පිටුපා යන්නෙමි.”
නුඹ තෘෂ්ණාවෙන් දැවෙමින් ඉව අල්ලන කාන්තාරයේ වල් කොටළු දෙනක හා සමාන ය. ඈ කුල්මත් වී සිටින විට ඈ දමනය කළ හැක්කේ කාට ද? ඈ සොයන පිරිමි සතාට වෙහෙස වීමට වුවමනාවක් නැත. පට්ටිගසන කාලයේ දී ඈ පහසුවෙන් සොයාගත හැකි ය.
අහෝ! ලෙබනොන් වැසියෙනි, කිහිරි ගස් අතර සුරක්ෂිත ව සිටින ඔබට විළිරුදාවෙන් පෙළෙන ස්ත්‍රියක මෙන් දුක් වේදනාව ඇති වූ විට ඔබ කෙඳිරි ගාන්නෙහි ය.
වේශ්‍යාකම සුළු දෙයක් කොට සලකා ගල් හා ගස්වලට නමස්කාර කිරීමේ වේශ්‍යාකමින් ඈ දේශය පිළිකුල් කළා ය.
අහෝ! භයානක දවසක් පැමිණෙන්නේ ය; ඊට සම කළ හැකි අන් දවසක් නොවන්නේ ය. එය ජාකොබ්ගේ පරපුරට විපත් දවසක් වන්නේ ය. එහෙත්, ඔවුන් එයින් ද ගළවනු ලබනු ඇත.”
ඔව්හු මට මූණ නො දී පිටු පා ගියෝ ය. මා නොකඩවා ම ඔවුන්ට ඉගැන්වූ නමුත්, ඔව්හු මාගේ දැනුමැතිකම නොපිළිගත්තෝ ය.
එහෙත්, ශෙදෙකියා රජු ෂෙලෙමියාගේ පුත් ජෙහුකල් ද පූජක වූ මයසේයාගේ පුත් ශෙපනියා ද අත, “අනේ! අප උදෙසා අපේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි දිවැසිවරයා වන ජෙරමියාට කියා යැවී ය.
දිවැසිවර ජෙරමියා වෙත පැමිණ, “අනේ! අපේ කන්නලව්ව ඇසුව මැනව. අප උදෙසා ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්න. ඉතිරි ව සිටින අප සියල්ලන් උදෙසා යාච්ඤා කරන්න. වරක් අපි බොහෝ දෙනෙක් සිටියෙමු; එහෙත්, ඔබට පෙනෙන පරිදි ඉතිරි ව සිටින්නේ අපි ස්වල්ප දෙනෙක් පමණි.
නුඹ මා අමතක කර මට පිටුපා ගිය බැවින් නුඹේ සල්ලාලකමේ සහ වේශ්‍යාකමේ දුර්විපාකය නුඹ ම දරන්නෙහි ය’ කියා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවට මා ගෙනා සේක. බලන්න, එහි මනුෂ්‍යයන් විසිපස්දෙනෙක් පමණ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිටුපා, නැගෙනහිරට තමන්ගේ මුහුණ හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාර කළෝ ය.
අහෝ ස්වාමීනි! ධර්මිෂ්ඨකම ඇත්තේ ඔබට ය; එහෙත්, අප හැමට ඇත්තේ, මුහුණ පෙන්නන්නට බැරි තරම් ලජ්ජාව ය. ඒ ලජ්ජාවට පත් වී සිටින්නේ, ජුදාවේ ජනයා හා ජෙරුසලමේ පුරවැසියන් වන අපි හැම ය; ඔබට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ නිසා ඔබ විසින් පන්නා දමනු ලැබ, අහලපහල හා දුරබැහැර සියලු රටවල සිටින සකල ඉශ්රායෙල්වරුන් වන අපි හැම ය.
මාගේ සෙනඟ ලී කැබැල්ලකින් ගුරුකම් සොයති; සැරයටියක් පිළිතුරු දෙයි. ඔව්හු දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, වේශ්‍යාකමට වැටුණ ස්ත්‍රියක මෙන් අන් දෙවිවරුන් වැළඳගෙන සිටිති.
“මාගේ සෙනඟ තමන්ගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම ඔවුන් අත්හැර මාගේ වාසභවනයට යන්නෙමි. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑකමින් මා සොයා එනු ඇත.”
ඔවුන් අවංක සිතින් මට යාච්ඤා කර නැත. ඒ වෙනුවට ඔව්හු බිය වැදී කෑමොරගසති. ධාන්‍ය ද මිදියුස ද ඉල්ලන විට, ඔව්හු ඇනකොටාගනිමින් මට විරුද්ධ ව කැරලිගසති.