ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 2:18 - Sinhala New Revised Version

ඉදින්, මිසරයට යෑමෙන් නුඹ කුමක් අත්කරගන්නට බලාපොරොත්තු වන්නෙහි ද? නුඹ අදහස් කරන්නේ එහි නයිල් ගඟෙන් වතුර බොන්නට ද? අසිරියාවට යෑමෙන් නුඹ කුමක් අත්කරගන්නට බලාපොරොත්තු වන්නෙහි ද? නුඹ අදහස් කරන්නේ යුප්‍රටීස් ගඟෙන් වතුර බොන්නට ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉදින්, මිසරයට යෑමෙන් නුඹ කුමක් අත්කරගන්නට බලාපොරොත්තු වන්නෙහි ද? නුඹ අදහස් කරන්නේ එහි නයිල් ගඟෙන් වතුර බොන්නට ද? අසිරියාවට යෑමෙන් නුඹ කුමක් අත්කරගන්නට බලාපොරොත්තු වන්නෙහි ද? නුඹ අදහස් කරන්නේ යුප්‍රටීස් ගඟෙන් වතුර බොන්නට ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉතින් ෂීහෝර්හි වතුර බොන පිණිස මිසරයට යන මාර්ගයෙන් නුඹට ඇති කම මොකද? නොහොත් ගංගාවේ ජලය බොන පිණිස අෂූර්ට යන මාර්ගයෙන් නුඹට ඇති කම මොකද?

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 2:18
18 හුවමාරු යොමු  

ඒ කාලයෙහි ආහාස් රජ තමාට උපකාර කරන ලෙස අසිරියාවේ රජු වෙත පණිවුඩයක් යැවී ය.


මිසර වැසියෝ නයිල් ගඟ අසල අස්වැන්නෙන් ද ධාන්‍යයෙන් ද ජාතීන් අතර වෙළඳාම් කිරීමෙන් ආදායම උපයාගත්තෝ ය. මුහුදෙන් එතෙර සියලු රටවලට නුඹලාගේ භාණ්ඩ යවන ලදී.


උපකාර ලබන පිණිස මිසරයට යන අයට වන විපතක මහත! ඔව්හු අශ්වයන්, අශ්ව රථ සහ හේවායන් ඇති, සිව්රඟ හමුදා බලය කෙරෙහි විශ්වාසය තබති. එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වන සමිඳුන් කෙරෙහි ඔව්හු තමන්ගේ විශ්වාසය නොතබති; සමිඳුන්ගේ උපදෙස් නොසොයති.


“ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ විසින් යුප්‍රටීස් ගඟට එගොඩින් කරණවෑමියෙකු එනම්, අසිරියාවේ රජු කුලියට ගෙන්වා ගෙන, ඔහු ලවා නුඹේ හිසේ ද සිරුරේ ද කේශ හා රැවුල් බූගාවනු ලබන්නේ ය.


නුඹලා මාර්ග වෙනස් කරගනිමින් වගකීමෙන් තොර ව තැනින් තැන යන එන රඟ! අසිරියාව මඟින් නුඹලා ලජ්ජාවට පත් වූවාක් මෙන් මිසරය මඟින් ද නුඹලා ලජ්ජාවට පත් වන්නහු ය.


අහෝ! අකීකරු ජනයෙනි, නුඹලා කොතෙක් කල් සැකෙන් සැලෙන්නහු ද? සමිඳුන් වන මා පොළොවේ අලුත් දෙයක් මවා ඇත. කාන්තාවක් ඇගේ පුරුෂයා යළි සොයමින් යන්නී ය.”


නොලැබෙන උපකාර ගැන බලා සිටීමෙන් අපේ ඇස් තවත් අඳුරු වී යන්නේ ය. ගළවන්න බැරි ජාතියක් ගැන මුර කුළුණු උඩ අපි බලා සිටියෙමු.


සෑහෙන පමණ කෑම ලබන පිණිස, මිසරයටත්, අසිරියාවටත් අපි සිඟමින් ගියෙමු.


“ ‘එයින් ද නුඹ සෑහීමට පත් නොවී, නුඹ අසිරියන්වරුන් සමඟ ද වේශ්‍යාකම් කෙළෙහි ය.


එහෙත්, ජුදාවේ රජ කැරලිගසා අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්න පිණිස තමාගේ තානාපතියන් මිසරයට යැව්වේ ය. ඔහු ජය ගනීවි ද? මෙබඳු දේ කරන්නාට ගැළවෙන්න පුළුවන් ද? ගිවිසුම කඩ කළායින් පසුත් ඔහුට ගැළවෙන්න හැකි වේ ද?


එසේ වන්නේ, නුඹ ජාතීන් සමඟ වේශ්‍යාකම් කොට ඔවුන්ගේ රූපවලින් අපවිත්‍ර වූ නිසා ය.


“එප්‍රායිම් තමාගේ රෝගාතුරකම ද ජුදාව තමාගේ තුවාළ ද දුටු කල එප්‍රායිම් අසිරියාවට ගිය නමුත්, ජුදා විසින් මහ රජතුමාට පණිවුඩයක් යවනු ලැබූ නමුත්, රෝගය වත් තුවාළය වත් සුව කිරීමට ඒ රජුට බැරි විය.


එප්‍රායිම් නුනුවණ, බොළඳ පරවියෙකු හා සමාන ය. එහි වැසියෝ මිසරයෙන් පිහිට ඉල්ලති. ඉන්පසු අසිරියාවට දුවති.


“ඒ ප්‍රදේශයේ ගාසාවේ ද අෂ්දොද්හි ද අෂ්කෙලොන්හි ද ගාත්හි ද එක්‍රොන්හි ද පිලිස්තිවරුන්ගේ අධිපතීහු පස්දෙනා විසූ හ. තවද, අවිම් පළාත ද එයට අයිති ය.