ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 15:3 - Sinhala New Revised Version

ඔවුන් විනාශ කිරීමට මාරක සතරක් ස්වාමීන් වන මා නියම කර ඇත. එනම්, මරාදමන පිණිස කඩුව ද ඉරාදමන පිණිස බල්ලෝ ද කාදමා නැති කරන පිණිස අහසේ පක්ෂීහු හා පොළොවේ මෘගයෝ ද යන සතර ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන් විනාශ කිරීමට මාරක සතරක් ස්වාමීන් වන මා නියම කර ඇත. එනම්, මරාදමන පිණිස කඩුව ද ඉරාදමන පිණිස බල්ලෝ ද කාදමා නැති කරන පිණිස අහසේ පක්ෂීහු හා පොළොවේ මෘගයෝ ද යන සතර ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මම සතර වර්ගයක්, එනම් මරා දමන්ට කඩුවද ඉරන්ට බල්ලන්ද කාදමා නැතිකරන්ට අහසේ පක්ෂීන් හා පොළොවේ මෘගයන්ද, ඔවුන් කෙරෙහි නියමකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 15:3
21 හුවමාරු යොමු  

එවිට ඔබේ පාද ඔවුන්ගේ ලෙයින් සෝදාගත හැකි වන්නේ ය; ඔබේ බල්ලෝ සතුරන්ගේ ලේ ඕනෑ පමණ ලෙව කන්නෝ ය.”


ඔවුන්ගේ හේවායන්ගේ මළකඳන් පක්ෂීන්ටත්, මෘගයන්ටත් ගොදුරු වන පිණිස අත්හැරදමනු ලබන්නේ ය. ග්‍රීෂ්ම කාලයෙහි පක්ෂීහු ද ශීත කාලයෙහි මෘගයෝ ද ඒවා කාදමන්නෝ ය.


මා තෝරාගත් සෙනඟ වනාහි සතුරු ගිජු පක්ෂීන්ගෙන් වට වූ උකුස්සෙකු වැන්න. වනයේ සියලු සතුනි, ගොදුරට රැස් වන්න.


ඒ වෙනුවට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මම ඔවුන් විනාශ කරන්නෙමි.”


ඔවුන්ගේ දිවැස් වැකි අසන සෙනඟ ද සාගතයට හා කඩුවට ගොදුරු වී ජෙරුසලමේ වීදිවල හෙළා දමනු ලබන්නෝ ය; ඔවුන් ද ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වළලන්නට කිසිවෙක් නොවන්නාහ. ඔවුන්ගේ දුෂ්ටකමේ පල විපාකය ඔවුන්ට ම විඳගන්නට මම සලස්වන්නෙමි.


ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝ ය; කිසිවෙක් ඔවුන් ගැන නොවැලපෙන්නෝ ය; ඔව්හු වළලනු නොලබති; බිම ඇති කසළ මෙන් වන්නෝ ය. ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය; ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය.


මේ සෙනඟගේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය. උන් එළවාදමන්නට කිසිවෙක් නොසිටිති.


එතුමාණෝ මාගේ මාර්ගයෙන් මා ඉවත් කොට මා කෑලිවලට ඉරාදැමූ සේක. මා පිළිකුලක් කළ සේක.


“තවද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ජෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් ද සිඳදමන පිණිස මා විසින් ඊට මාගේ තද දඬුවම් සතර වන කඩුව ද සාගතය ද චණ්ඩ මෘගයන් ද වසංගතය ද යැවූ කල්හි තව කොපමණ වැඩියෙන් බලාපොරොත්තු හීන වන්නේ ද?


“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න: මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි, පාළු ඉඩම්වල සිටින්නෝ කඩු පහරින් වැටෙන්නෝ ය; කෙතේ සිටින අය, වනමෘගයන්ට ගොදුරු පිණිස දෙන්නෙමි; බලකොටුවල ද ගුහාවල ද සිටින්නෝ වසංගතයෙන් නසින්නෝ ය.


මම ද නුඹලාට මේ දේ කරමි. නුඹලා අන්ධ කරවන, ජරාවට පත් කරවන මහත් ව්‍යසන වන භීතිය, අසාධ්‍ය ලෙඩ රෝග හා උණ සන්නිපාත නුඹලා වෙත පමුණුවන්නෙමි. නුඹලා බීජ වපුරන නමුත් ඒවා නිෂ්ඵල වනු ඇත. නුඹලාගේ සතුරෝ ඒවා කාදමන්නෝ ය.


මම නුඹලා අතරට චණ්ඩ මෘගයන් එවන්නෙමි. ඒ මෘගයෝ නුඹලාගේ දරුවන් මරා, ගවයන් වනසා, නුඹලාගේ ජන සංබ්‍යාව අඩු කරන්නෝ ය. එවිට මාවත් ද පාළු වනු ඇත.


මාගේ ගිවිසුම කඩ කළ නිසා දඬුවම් කරනු පිණිස නුඹලාගේ රටට යුද්ධයක් පමුණුවනු ලැබේ. නුඹලා නගරවල එක් රැස් වී සිටින විට මම නුඹලා අතරට වසංගත පමුණුවන්නෙමි. නුඹලාගේ සතුරන්ගේ බලයට නුඹලා පාවා දෙනු ලබන්නහු ය.


ඒ දවසේ දී සිදු වන්නේ, සිංහයෙකුගෙන් බේරී දුවන මිනිසෙකු වලසෙකුට අසුවීම වැනි දෙයකි. නැතහොත්, මිනිසෙකු තම නිවෙසට පැමිණ බිත්තියේ අත තැබූ විට සර්පයෙකු දෂ්ට කිරීම වැනි දෙයකි.


ඔබේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය. උන් බියගන්වා එලවාදැමීමට කිසිවෙකු නොවනු ඇත.


ඔවුන් සාගින්නෙන් දැවෙනු ඇත. දැඩි උණකට, දරුණු වංසගතයට බිලි වනු ඇත. ඔවුන් ඉරාදැමීමට වන සතුන් එවමි. සර්ප විසෙන් ඔවුන් වනසාදමමි.


එකෙණෙහි ම මම සුදුමැලි අශ්වයෙකු දිටිමි. ඒ අසු පිට හුන් තැනැත්තාගේ නාමය මාරයා යනු ය. පාතාල ලෝකය ද ඔහු පසුපස්සේ ගියේ ය. කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද පොළොවේ වන මෘගයන් ලවා ද මරණය පැමිණවීමට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි බලය ඔවුන්ට දෙන ලද්දේ ය.