ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 13:1 - Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේ මට කතා කොට, “නුඹ ගොස් හණ රෙද්දක් මිලේට ගෙන නුඹේ ඉඟටිය වටා එය ඇඳගන්න; එය වතුරේ නොදමන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේ මට කතා කොට, “නුඹ ගොස් හණ රෙද්දක් මිලේට ගෙන නුඹේ ඉඟටිය වටා එය ඇඳගන්න; එය වතුරේ නොදමන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ ගොස් හණ පටියක් මිලේටගෙන නුඹේ ඉඟටියෙහි බැඳගන්න, ඒක වතුරේ නොදමන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 13:1
9 හුවමාරු යොමු  

අෂ්දොද් නගරය අල්ලා ගනු ලැබූ කල සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මාගේ මෙහෙකරු වන යෙසායා තුන් අවුරුද්දක් මුළුල්ලේ වස්ත්‍ර ද පාවහන් ද නැති ව තැන් තැන්වල ඇවිද්දේ ය. මේ වනාහී මිසරයටත්, එතියෝපියාවටත්, සිදු වන්න යන දේ පිළිබඳ පෙර නිමිත්තකි.


හණ රෙද්ද ඉඟටිය වටා බැඳ ඇත්තෙකු මෙන් ඉශ්රායෙල්හි සියලු සෙනඟ ද ජුදාහි සියලු සෙනඟ ද මට බැඳී සිටින්න මම කරුණු සැලසීමි. මා එසේ කෙළේ, ඔවුන් මාගේ සෙනඟ වී, මාගේ නාමයට ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන පිණිස ය. එහෙත්, ඔව්හු මට කීකරු නො වූ හ.”


“නුඹ නැඟී කුම්භකාරයාගේ ගෙට යන්න; එහි දී මාගේ පණිවුඩය නුඹට ප්‍රකාශ කරන්නෙමි.”


සමිඳාණන් වහන්සේ මට කතා කොට, “නුඹ ගොස් කුම්භකාරයාගෙන් මැටි බඳුනක් මිලේට ගන්න. ප්‍රජා මූලිකයන්ගෙන් ද ශ්‍රේෂ්ඨ පූජකයන්ගෙන් ද සමහරදෙනෙකු කැටුව,


සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “වියබාන් හා වියගස් සාදාගෙන ඔහුගේ ගෙල වටේ දමාගන්නැ”යි වදාළ සේක.


“නුඹේ අතින් ලොකු ගල් රැගෙන ජුදෙව්වරුන් බලා සිටිය දී තාපන්හේස්හි පාරාවෝගේ මාලිගාවේ දොරටුවෙහි තිබෙන ගඩොල් වේදිකාවේ බදාම තුළ සඟවා තබන්න.


ඔහු පාවුලුගේ ඉඟපටිය රැගෙන එයින් තමාගේ ම අත් පා බැඳ ගෙන, “ජුදෙව්වරුන් මේ ඉඟපටිය අයිති මිනිසා ජෙරුසලමේ දී මේ ආකාරයෙන් බැඳ විජාතීන්ගේ අත්වලට පාවා දෙති යි ශුද්ධාත්මයාණන් වහන්සේ කියන සේකැ”යි පැවසී ය.


දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක.