යෙරෙමියා 12:13 - Sinhala New Revised Version මාගේ සෙනඟ තිරිඟු වපුළ නමුත්, කටු ගස් කපාගත්හ; බොහෝ වෙහෙස වූ නමුත්, ඔව්හු ප්‍රතිඵල නොලැබූ හ. සමිඳුන්ගේ බලවත් උදහස නිසා ඔවුන්ගේ අස්වැන්න නිෂ්ඵල වී ඇත.” Sinhala New Revised Version 2018 මාගේ සෙනඟ තිරිඟු වපුළ නමුත්, කටු ගස් කපාගත්හ; බොහෝ වෙහෙස වූ නමුත්, ඔව්හු ප්‍රතිඵල නොලැබූ හ. සමිඳුන්ගේ බලවත් උදහස නිසා ඔවුන්ගේ අස්වැන්න නිෂ්ඵල වී ඇත.” Sinhala Revised Old Version ඔව්හු තිරිඟු වපුරා කටු ගස් කපාගත්තෝය; ඔව්හු වෙහෙසුණු නුමුත් ප්‍රයෝජන නොලබති; මෙසේ ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස නිසා නුඹලාගේ අස්වැන්න ගැන ලජ්ජාවන්නහුය. |
කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.”
සමිඳුන් වන මම, මිනිසාගේ සිත සෝදිසි කර බලමි; මිනිසාගේ හදවත පරීක්ෂා කර බලමි. එසේ කරන්නේ, මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙළ ලෙස ඔහුට විපාක දෙන පිණිස ය.”
මා බැලූ විට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි උන් වහන්සේගේ බලවත් උදහස නිසා සාරවත් දේශය කාන්තාරයක් වූ බවත්, එහි සියලු නගර නටබුන් වී තිබෙන බවත් දිටිමි.
ඔවුන් එකිනෙකා තම තමාගේ අසල්වැසියා රවටනු ඇත. කිසිවෙක් ඇත්ත කතා නොකරති. බොරු කීමට ඔව්හු පුරුදු වී සිටිති; ඔව්හු අපරාධ කරති. එහෙත්, පසුතැවී සිත් හරවා ගැනීමට නොවෙහෙසෙති.
ඔව්හු සුළඟ වපුරා, සුළි සුළඟ කපාගනිති; ගොයම් කරල් නැත, කරල් තිබුණත් විදේශීන් ඒවා ගිලදමනු ඇත.
මම ද නුඹලාට මේ දේ කරමි. නුඹලා අන්ධ කරවන, ජරාවට පත් කරවන මහත් ව්‍යසන වන භීතිය, අසාධ්‍ය ලෙඩ රෝග හා උණ සන්නිපාත නුඹලා වෙත පමුණුවන්නෙමි. නුඹලා බීජ වපුරන නමුත් ඒවා නිෂ්ඵල වනු ඇත. නුඹලාගේ සතුරෝ ඒවා කාදමන්නෝ ය.
නුඹලාගේ ශ්‍රමය ද නිකරුණේ වැය වනු ඇත. නුඹලාගේ ඉඩකඩම් අස්වැන්නක් නොදෙනු ඇත. කෙත්වතුවල ගස් ද පලදාව නොදෙනු ඇත.
නුඹලා වපුරන නමුත්, අස්වැන්න කපා නොගන්නහු ය. ඔලීව පල මඩින නමුත්, තෙල ඇඟ ගල්වා නොගන්නහු ය. මිදි පල මිරිකන නමුත්, මිදියුස නොබොන්නහු ය.
ජාතීන් නිකරුණේ වෙහෙස මහන්සියෙන් ඔවුන් ගොඩනඟා ඇති සියල්ල ගින්නෙන් දවා නැත්තට නැති කිරීම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ ක්‍රියාව නොවේ ද?
නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය.
“නුඹලා බොහෝ බලාපොරොත්තු වූ නමුත්, නුඹලාට ලැබුණේ ස්වල්පයකි. නුඹලා අස්වැන්න ගෙදර ගෙනා විට මම එය පිඹ දැම්මෙමි. මා එසේ කරන්නේ මන් ද? සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ මාලිගාව නටබුන් වී තිබිය දී ඒ ගැන නොසලකා නුඹලා එකිනෙකා තම තමාගේ ගෙවල් ගැන සැලකිලිමත් වන නිසා ය.
එයින් කුමන ප්‍රතිඵලයක් ඇති වී ද? ඇති වූයේ ඔබ දැන් ලජ්ජාවට පමුණුවන, මරණයෙන් කෙළවර වන ප්‍රතිඵලය යි.
“ඔබ කෙතට බොහෝ බීජ ගෙන යන නමුත්, අස්වැන්න ස්වල්ප වනු ඇත. මන්ද, පළඟැටියෝ ඒවා කාදමන්නෝ ය.