සමිඳාණන් වහන්සේගේ සෙනඟ ව සිටින හැටියට සමිඳාණන් වහන්සේ සහ රජු ද සෙනඟ ද අතර ජෙහෝයාදා තෙමේ ගිවිසුමක් කෙළේ ය; එසේ ම රජු ද සෙනඟ ද අතරේත් ගිවිසුමක් කෙළේ ය;
යෙරෙමියා 11:2 - Sinhala New Revised Version “මේ ගිවිසුමේ නියමයන්ට සවන් දෙන්න. ජුදාහි මිනිසුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කතා කරන්න. ‘මේ ගිවිසුමේ නියමයන්ට කීකරු නොවන අයට Sinhala New Revised Version 2018 “මේ ගිවිසුමේ නියමයන්ට සවන් දෙන්න. ජුදාහි මිනිසුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කතා කරන්න. ‘මේ ගිවිසුමේ නියමයන්ට කීකරු නොවන අයට Sinhala Revised Old Version නුඹලා මේ ගිවිසුමේ වචන අසා යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් මෙසේ කථාකරන්න: |
සමිඳාණන් වහන්සේගේ සෙනඟ ව සිටින හැටියට සමිඳාණන් වහන්සේ සහ රජු ද සෙනඟ ද අතර ජෙහෝයාදා තෙමේ ගිවිසුමක් කෙළේ ය; එසේ ම රජු ද සෙනඟ ද අතරේත් ගිවිසුමක් කෙළේ ය;
සමිඳාණන් වහන්සේගේ සෙනඟ වී සිටින ලෙස ජෙහෝයාදා තමා සහ මුළු සෙනඟත්, රජුත් අතරේ ගිවිසුමක් කෙළේ ය.
“ඉතින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ තද උදහස අප කෙරෙන් පහ ව යන පිණිස උන් වහන්සේ සමඟ ගිවිසුමක් කරන්න මම අදහස් කර ඇත්තෙමි.
රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියන ලද ගිවිසුමේ වචන ඉෂ්ට කිරීමට සමිඳාණන් වහන්සේ අනුව යන හැටියටත්, උන් වහන්සේගේ ආඥා ද ශික්ෂා පද ද පණත් ද තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු ආත්මයෙන් ද පවත්වන හැටියටත් උන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේ ය.
එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය.
එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ජුදා නගරවලටත්, ජෙරුසලමේ වීදිවලටත් ගොස් මාගේ පණිවුඩය එහි ප්‍රකාශ කරන්න. එනම්, මාගේ ගිවිසුමේ නියමයන්ට සවන් දී ඒවාට කීකරු වන්න සෙනඟට කියන්න.