ඔබ, සමිඳාණන් තුළ ඔබේ රැකවරණය තැබුවෙහි ය. පරමෝත්තමයාණන් ඔබේ වාසභවනය කරගත්තෙහි ය.
මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය. නුඹ මහෝත්තමයාණන් නුඹේ වාසස්ථානය කරගත්තෙහිය;
ඔබ මාගේ පර්වතය ද බලකොටුව ද වන බැවින් ඔබ මට රැකවරණය දෙන පර්වතයක් වුව මැනව! මා මුදාලන බලකොටුවක් වුව මැනව!
ඔබේ ආගමනය නරඹා සතුරෝ පසු බැස යති; පැකිළ වැටෙති, වැනසෙති.
සමිඳුනි, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.