තමාගේ අවවාදය ලෙස නොකරන ලද බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම් කොට, පිටත් ව සිය නගරයේ තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, පවුලේ කටයුතු ගැන විධි විධාන යොදා එල්ලී මැරුණේ ය. ඔහු තම පියාගේ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබී ය.
ගීතාවලිය 9:5 - Sinhala New Revised Version ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක. Sinhala New Revised Version 2018 ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක. Sinhala Revised Old Version ඔබ ජාතීන්ට තරවටුකොට දුෂ්ටයන් විනාශකළසේක, සදාකාලේටම ඔවුන්ගේ නාමය මැකූසේක. |
තමාගේ අවවාදය ලෙස නොකරන ලද බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම් කොට, පිටත් ව සිය නගරයේ තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, පවුලේ කටයුතු ගැන විධි විධාන යොදා එල්ලී මැරුණේ ය. ඔහු තම පියාගේ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබී ය.
එසේ කරන්නේ, ජාතීන් කෙරෙහි පළිගැනීම පිණිස ය; මිනිස් වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිස ය;
පවිටු දනන් වැරදි මඟින් නොහැරෙන විට, දෙවිඳාණෝ සිය අසිපත තියුණු කරන සේක; දුනු දිය තැත්කවා සූදානම් කරන සේක.
එහි පෙර විසූ මිසදිටු ජාතීන් පන්නාදමා ඔවුන්ට ඒ රට උරුම කොට බෙදා දුන් සේක; ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්රායෙල් ගෝත්‍රයන් පදිංචි කරවූ සේක.
“ඔවුන්ගේ දෙවිඳාණෝ කොහේ දැ”යි මිසදිටු ජාතීන් අසන්නේ කුමට ද? ඔබේ සේවකයන්ගේ ලෙයට පළිගන්න බව මිසදිටු ජාතීන් අතර අපේ ඇස් ඉදිරියෙහි ම ප්‍රකාශ වේ වා!
මා ක්‍රියා කරන්න යන දවසේ දී නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහු ය. ඔව්හු නුඹලාගේ පාද යට ධූලි මෙන් වන්නෝ ය.
මිහි පිටින් ඔවුන්ගේ නම මකා දමා, ඔවුන් වනසාලනු පිණිස මට ඉඩ හරින්න. එහෙත්, මම නුඹගෙන්, ඔවුන්ට වඩා බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් පිහිටුවමි’යි වදාළ සේක.
ජාතීන්ට පහර දෙනු පිණිස උන් වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන් වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මිදි යන්ත්‍රයේ මිදි මඬින සේක.
දාවිත් අබිගායිල්ට මෙසේ පිළිතුරු දුන්නේ ය: “මා සම්බ වන පිණිස අද දවසේ ඔබ එවා වදාළ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා!
නාබල් මළ බව දාවිත් අසා, “නාබල් අතින් මට වූ නින්දාව ගැන යුක්තිය ඉටු කළ, තමන් වහන්සේගේ මෙහෙකරුවා නපුරෙන් වැළකූ සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ නාබල්ගේ නපුරුකම් ඔහුගේ ම හිස පිටට හැරෙවූ සේකැ”යි කී ය. දාවිත් අබිගායිල් සරණපාවා ගන්න අදහසින් ඒ ගැන ඈ සමඟ කතා කරගන්නට පණිවුඩකාරයන් යැව්වේ ය.
එවිට සාවුල් තම ආයුධ රැගෙන යන්නාට කතා කොට, “අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කිරීමට කැමැති නො වී ය. මන්ද, ඔහු ඉතා බිය ව සිටියේ ය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටී මැරුණේ ය.