ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 87:2 - Sinhala New Revised Version

ඉශ්රායෙල්හි අන්කිසි තැනකට වඩා සමිඳාණෝ ජෙරුසලමට ප්‍රේම කරන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉශ්රායෙල්හි අන්කිසි තැනකට වඩා සමිඳාණෝ ජෙරුසලමට ප්‍රේම කරන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ වාසස්ථාන සියල්ලට වඩා සියොන් දොරටුවලට ප්‍රේමවනසේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 87:2
7 හුවමාරු යොමු  

එහෙත්, මාගේ නාමයේ ගෞරවය රක්ෂා කරන ලෙස ජෙරුසලම ද මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධානියා වන පිණිස දාවිත් ද තෝරා ගතිමි’යි වදාරා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.


පිලිස්තියෙන් අප වෙත පැමිණෙන පණිවුඩකාරයන්ට අප කුමන පිළිතුරක් දිය යුතු ද? ‘සමිඳුන් සියොන් පිහිටුවා ඇත. එතුමන්ගේ දුක් විඳින සෙනඟට එහි සුරැකි ව විසිය හැකි යැ’යි කියන්නෙමු.”


මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.


එවිට, සමිඳුන්ගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය. සමිඳුන් කියා ඇති පරිදි ගැළවෙන අය ද ඉතිරි අය අතර සමිඳුන් කැඳවන අය ද සියොන් කන්දේ සහ ජෙරුසලමේ සිටිනු ඇත.


ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය.