ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 83:7 - Sinhala New Revised Version

මොවුහු ගෙබාල්ගේත්, අම්මොන්ගේත්, අමලෙක්ගේත් වංශවලට අයිති තැනැත්තෝ ය. තීර්හි වාසීන් සමඟ පිලිස්තියාවේ වැසියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මොවුහු ගෙබාල්ගේත්, අම්මොන්ගේත්, අමලෙක්ගේත් වංශවලට අයිති තැනැත්තෝ ය. තීර්හි වාසීන් සමඟ පිලිස්තියාවේ වැසියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ගෙබාල්, අම්මොන් සහ අමෙලක්ය; තීර් වැසියන් සමඟ පිලිස්තියෝය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 83:7
7 හුවමාරු යොමු  

ඔව්හු සාවුල්ගේ දවස්වල දී හග්රීවරුන් සමඟ යුද්ධ කොට ඔවුන් නැතිකර, ගිලියද්ට නැගෙනහිරෙන් තිබෙන දේශය මුළුල්ලෙහි ඔවුන්ගේ කූඩාරම්වල වාසය කළෝ ය.


තීර් නගරයට මෙසේ කියන්න: ‘මුහුදට ඇතුළු වන තැන්හි වාසය කරන, බොහෝ ද්වීපවල ජනයන්ගේ වෙළෙන්දියක මෙන් වන තැනැත්ති ය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා තීර්! මම අකලංක අලංකාරයෙන් සිටිමි යි නුඹ කීයෙහි ය.


ගෙබල්හි ප්‍රජා මූලිකයෝ ද එහි ශිල්පීහු ද නුඹ තුළ නුඹේ කැඩුම්බිඳුම් හරිගස්සන්නෝ වූ හ. නුඹ සමඟ වෙළෙඳාමේ යෙදී සිටීමට මුහුදේ සියලු නැව් ද ඒවා යාත්‍රා කරන්නෝ ද නුඹ තුළ සිටියෝ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “තීර්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. ඔවුන් ගිවිසගත් මිතුරු ගිවිසුම් ඔවුන් අමතක කර ඇත.


ගෙබල්වරුන්ගේ දේශයත්, නැගෙනහිරට හෙර්මොන් කන්ද පහළින් තිබෙන බාල්-ගාද් පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා මුළු ලෙබනොන් ප්‍රදේශයත් ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඉශ්රයෙල් සෙනඟ මිසර දේශයෙන් එන කල, මාර්ගයේ දී අමලෙක්වරුන් ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කළ නිසා මම ඔවුන්ට දඬුවම් කරමි.


සාමුවෙල් කතා කළ විට ඉශ්රායෙල් ජනතාව ඔහුගේ වචන පිළිගත්හ. එකල ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට පිටත් ව ගොස්, එබෙන්-එශෙර් ළඟ කඳවුරු බැඳගත්හ.