බැති පෙමින් කුල්මත් වූ වන්දනාකරුවන් සමඟ පැසසුම් ගී ගයමින්, මහ පිරිස් මැද දෙව් මැදුරට මා ගිය හැටි සිහි වන විට මා හද දෙදරා යයි.
ගීතාවලිය 80:6 - Sinhala New Revised Version අපේ අසල්වැසියන්ගේ පරිහාසයට ඔබ අප ලක් කළ සේක. අපේ සතුරෝ අපට උසුළු-විසුළු පෑවෝ ය. Sinhala New Revised Version 2018 අපේ අසල්වැසියන්ගේ පරිහාසයට ඔබ අප ලක් කළ සේක. අපේ සතුරෝ අපට උසුළු-විසුළු පෑවෝ ය. Sinhala Revised Old Version අපේ අසල්වාසීන්ට අප ඩබරයට හේතුවක් වෙන්ට ඔබ සලස්වනසේක; අපේ සතුරෝ ඔවුනොවුන් අතරේ සිනාසෙති. |
බැති පෙමින් කුල්මත් වූ වන්දනාකරුවන් සමඟ පැසසුම් ගී ගයමින්, මහ පිරිස් මැද දෙව් මැදුරට මා ගිය හැටි සිහි වන විට මා හද දෙදරා යයි.
අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු; අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු.
මාගේ ස්වාමියා වන අසිරියාවේ රජුගේ නාමයෙන් මම ඔබ හැම සමඟ ඔට්ටුවක් අල්ලන්නෙමි. මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. උන් පිට නැඟී යන්න ඔබට අසරුවන් සොයා ගත හැකි ද?
නුඹ නින්දා කෙළේත්, අපහාස කෙළේත් කවරෙකුට ද කියා නුඹ සිතන්නෙහි ද? නුඹ නින්දා අපහාස කෙළේ වෙන කිසිවෙකුට නොව, ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් වන මට ය.
අහෝ මාගේ මෑණියෙනි! මුළු දේශය සමඟ තරඟ ද විවාද ද කරන මිනිසෙකු වීමට ඔබ මා වැදූ නිසා මට සිදු වී ඇති විපතක මහත! මා කිසිවෙකුට ණයට දුන්නේ වත්, කිසිවෙකුගෙන් ණයට ගත්තේ වත් නැත. එහෙත්, සියල්ලෝ ම මට සාප කරති.
මෝවබ්, නුඹට ඉශ්රායෙල් සරදමක් වුණා නොවේ ද? ඉශ්රායෙල් සොරුන් අතරේ සම්බ වී ද? නුඹ ඉශ්රායෙල් ගැන කතා කරන සෑම විට ම අවඥාවෙන් හිස වැනුවෙහි ය.
එබැවින් එම්බා ඉශ්රායෙල් කඳු! දෙවි ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න. කඳුවලටත්, හෙල්වලටත්, දෙණිවලටත්, මිටියාවත්වලටත්, අවට ඉතිරි ව සිටින ජාතීන්ට කොල්ලයක් ව කවටකමක් ව තිබෙන පාළු වූ නාස්ති වූ ඉඩම්වලටත්, ජනහීන ව තිබෙන නුවරවලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
ඒ දිවැසිවරුන් දෙදෙනා මිහි පිට වැසියන්ට පීඩා කළ බැවින්, ඔව්හු ප්‍රීති සන්තෝෂ වෙමින් තමන් අතරේ තෑගි හුවමාරු කරගන්නාහ.
ඔවුන් ප්‍රීතියෙන් පිනා ගිය කල, “අප විනෝද කරන පිණිස සම්සොන් අඬගසාගෙන එන්න” කියා ඔව්හු හිරගෙයින් ඔහු ගෙන්වා ගත්තෝ ය. ඔහු ඔවුන් ඉදිරියෙහි ක්‍රීඩා කෙළේ ය. ඔව්හු කුළුණු අතරේ ඔහු සිටෙවුවෝ ය.