ගීතාවලිය 78:3 - Sinhala New Revised Version අප අසා දැනගත් දේවල් ද අපේ පියවරුන් අපට දැන්වූ දේවල් ද අපි දන්වන්නෙමු. Sinhala New Revised Version 2018 අප අසා දැනගත් දේවල් ද අපේ පියවරුන් අපට දැන්වූ දේවල් ද අපි දන්වන්නෙමු. Sinhala Revised Old Version අපේ පියවරුන් අපට කියාදුන්නාවූ පුරාණයේ වාක්‍යයන් ප්‍රකාශ කරන්නෙමි. |
පරපුරෙන් පරපුරට ජනතාවෝ ඔබේ ක්‍රියා වර්ණනා කරති; ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති.
දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත.
අප පෙර කල ඇසූ විලස, සව් බලැති සමිඳාණන් සිය නුවරෙහි සිදු කළ දෙය අපේ ම දෙනෙතින් දුටිමු. එතුමාණෝ එනුවර සදහට ම රක්නා සේක.
ඇරත් මිසරයට මා සමච්චල් කළ සැටි ද ඔවුන් මැද මා සිදු කළ හාස්කම් ද නුඹ නුඹේ පුතුන්ටත්, පුතුන්ගේ පුතුන්ටත් කියන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා සැම දැනගන්නහු ය”යි වදාළ සේක.
ඇරත්, ‘මා මෙසේ කරන්නේ, මා මිසර දේශයෙන් පිටතට පැමිණි විට සමිඳාණන් වහන්සේ මට ඉටු කර දුන් දේ නිසා යැ’යි ඔබ ඒ දවසේ දී ඔබේ පුතු හට විස්තර කළ යුතු ය.
මා ඔබට දැන් ප්‍රශංසා කරන්නාක් මෙන් ඔබට ප්‍රශංසා කරන්නේ ජීවතුන් අතර සිටින අය ම ය. ඔබේ විශ්වාසවන්තකම ගැන පියවරු සිය දරුවන්ට කියති.