සමිඳාණන් වහන්සේ මුහුදින් සුළඟක් හමන්නට සැලැසූ සේක. ඒ සුළඟ වටුවන් ගසාගෙන අවුත් කඳවුර සමීපයෙහි ඔවුන් හෙළී ය. කඳවුර වටේට දවසක ගමනක් පමණ දුරට ද පොළොවෙන් මීටරයක් පමණ ඉහළට ද ඔවුන් වැටී තිබිණි.
ගීතාවලිය 78:27 - Sinhala New Revised Version ඔවුන් පිට දූවිලි මෙන් මස් මාංස වස්වා වදාළ සේක; පියාඹන පක්ෂීන් මුහුදු වැලි මෙන් එවූ සේක. Sinhala New Revised Version 2018 ඔවුන් පිට දූවිලි මෙන් මස් මාංස වස්වා වදාළ සේක; පියාඹන පක්ෂීන් මුහුදු වැලි මෙන් එවූ සේක. Sinhala Revised Old Version උන්වහන්සේ ධූලි මෙන් මාංසද මුහුදු වැලි මෙන් පියාපත් ඇති පක්ෂීන්ද ඔවුන් පිට වැස්සෙවුසේක. |
සමිඳාණන් වහන්සේ මුහුදින් සුළඟක් හමන්නට සැලැසූ සේක. ඒ සුළඟ වටුවන් ගසාගෙන අවුත් කඳවුර සමීපයෙහි ඔවුන් හෙළී ය. කඳවුර වටේට දවසක ගමනක් පමණ දුරට ද පොළොවෙන් මීටරයක් පමණ ඉහළට ද ඔවුන් වැටී තිබිණි.
සෙනඟ එදින මුළු රෑ සහ දවල් ද, ඊට පසු දින ද වටුවන් එකතු කිරීමෙහි යෙදී සිටියහ. ඉතා අඩුවෙන් ම එකතු කරගත් තැනැත්තා ඒවායින් කිලෝග්‍රෑම් දහසක් එකතු කරගත්තේ ය. ඉන්පසු ඔව්හු කඳවුර වටේට ම උන් ඇතුරුවෝ ය.