දවස මුළුල්ලේ මාගේ සතුරෝ මට නින්දා කරති; මට අපහාස කරන්නෝ සාප කිරීමට මාගේ නාමය යොදා ගනිති.
ගීතාවලිය 77:5 - Sinhala New Revised Version යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි. Sinhala New Revised Version 2018 යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි. Sinhala Revised Old Version මම පුරාණයේ දවස්ද පූර්ව කාලවල අවුරුදුද කල්පනාකෙළෙමි. |
දවස මුළුල්ලේ මාගේ සතුරෝ මට නින්දා කරති; මට අපහාස කරන්නෝ සාප කිරීමට මාගේ නාමය යොදා ගනිති.
යටගිය දවස් මම සිහි කරමි; ඔබේ සියලු ක්‍රියා ගැන භාවනා කරමි; ඔබ කළ දේ ගැන මෙනෙහි කරමි.
දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත.
සමිඳුනි, පිබිදෙන්න; අපට පිහිට වන්න. අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න. පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න. රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද?
පැරණි යුග සිහි කරන්න. පෙර පරපුර සලකා බලන්න. පියාගෙන් අසන්න; ඔහු නුඹලාට කියා දෙනු ඇත. ප්‍රජා මූලිකයන්ගෙන් විමසන්න; ඔවුන් නුඹලාට දන්වනු ඇත.