“මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ තම කරුණාවත්, යහපත්කමත් ඔහු වෙතින් ඉවත් නොකළ සේක. ඔහුගේ සහෝදරයාගේ ම ගෙදරට කෙළින් ම මා ගෙන ආ සේකැ”යි කී ය.
ගීතාවලිය 61:7 - Sinhala New Revised Version ඒ රජ දෙවිඳුන් අබියස සදහට සිහසුන අරා වැඩ සිටී වා! එතුමා ආරක්ෂා කරනු වස් ඔබ තිර පෙමින් සත්‍යතාව එතුමාට ප්‍රදානය කරන සේක් වා! Sinhala New Revised Version 2018 ඒ රජ දෙවිඳුන් අබියස සදහට සිහසුන අරා වැඩ සිටී වා! එතුමා ආරක්ෂා කරනු වස් ඔබ තිර පෙමින් සත්‍යතාව එතුමාට ප්‍රදානය කරන සේක් වා! Sinhala Revised Old Version ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි සදාකල් වසන්නේය. ඔහු ආරක්ෂාකරන පිණිස කරුණාවත් සත්‍යතාවත් පිළියෙළකළ මැනව. |
“මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ තම කරුණාවත්, යහපත්කමත් ඔහු වෙතින් ඉවත් නොකළ සේක. ඔහුගේ සහෝදරයාගේ ම ගෙදරට කෙළින් ම මා ගෙන ආ සේකැ”යි කී ය.
ඔබ වහන්සේගේ දාසයා වන මා හට පෑවා වූ සියලු කරුණාව හා විශ්වාසවන්තකම ලැබීමට මා සුදුස්සෙක් නොවෙමි. මන්ද, මා මේ ජොර්දානෙන් එතෙර වූයේ මාගේ සැරයටියේ ආධාරයෙන් පමණ ය. එහෙත්, දැන් මා කණ්ඩායම් දෙකක් වී ඇත.
‘ඉශ්රායෙල් කෙරෙහි දෙවියන් වහන්සේ ව සිටින්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය’යි කියනු ලැබීමෙන් ඔබේ නාමය සදහට පසසනු ලැබේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව තිබේ.
සමිඳුනි, ඔබේ දයානුකම්පාව මා කෙරෙන් නොවැළැක්වුව මැනව. ඔබේ කරුණාව හා විශ්වාසවන්තකම නිරතුරු මා රකීවා.
ඔබේ ආලෝකය හා සත්‍යය මට දුන මැනව; ඒවායින් මට මඟපෙන්වීම ලැබී, ඔබේ ශුද්ධ සියොන් පව්වට ආපසු ගොස්, ඔබේ වාසභවනය වන දෙව් මැදුරට පිවිසීමට මට ලැබේවා.
මා පෙළන අයගෙන් මා මුදාලීමට එතුමාණෝ සගලොවින් පිහිට එවන සේක. දෙවිඳාණෝ තමන් කරුණාවත්, සත්‍යතාවත් එවන සේක.
දුරාතීතයේ සිට අප පියවරුන්ට දිවුළාක් මෙන් ජාකොබ්ට විශ්වාසකමත්, ආබ්‍රහම්ට තිරසර පෙමත් දක්වන සේක.
උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කී ය.
මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අබිමුවෙහි දැන් පෙනී සිටින පිණිස, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව, ස්වර්ගයට ම ඇතුළු වූ සේක.