එවිට දාවිත් ජෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කතා කොට, “අපි පිටත් ව පලා යමු. නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් බේරෙන්නේ නැත. ඔහු වහා ම අප කරා පැමිණ, අප පිට අනතුරු පමුණුවා, කඩුවෙන් නගරයට පහර නොදෙන පිණිස පිට වී යන්නට ඉක්මන් කරන්නැ”යි කී ය.
ගීතාවලිය 55:7 - Sinhala New Revised Version මම බොහෝ ඈතට ම පියාඹා යන්නෙමි; පාළුකරයට ගොස් පදිංචි වන්නෙමි. Sinhala New Revised Version 2018 මම බොහෝ ඈතට ම පියාඹා යන්නෙමි; පාළුකරයට ගොස් පදිංචි වන්නෙමි. Sinhala Revised Old Version බලව, එසේනම් මම ඈත පලාගොස්, වනයෙහි නවාතැන් ගන්නෙමි. |
එවිට දාවිත් ජෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කතා කොට, “අපි පිටත් ව පලා යමු. නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් බේරෙන්නේ නැත. ඔහු වහා ම අප කරා පැමිණ, අප පිට අනතුරු පමුණුවා, කඩුවෙන් නගරයට පහර නොදෙන පිණිස පිට වී යන්නට ඉක්මන් කරන්නැ”යි කී ය.
ජෙරමියා බෙන්ජමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්න පිණිස ජෙරුසලමෙන් පිටත් ව ගියේ ය.
අහෝ! මැරුම් කෑ මාගේ සෙනඟ ගැන දිවා රෑ දෙක්හි හැඬීමට මාගේ හිස පොකුණක් ද මාගේ ඇස් කඳුළු උල්පතක් ද වූවොත් මම කැමැති ය.
අහෝ! මාගේ සෙනඟ අත්හැර මා ඔවුන්ගෙන් ඈත් වී සිටින්නට මට පාළුකරයෙහි වාසස්ථානයක් ඇත්නම්! මාගේ සෙනඟ කාමමිථ්‍යාචාරිකයෝ ය; ද්‍රෝහිකාර පිරිසක් ය.
දාවිත්ගේ සිතෙහි මෙවැනි කල්පනාවක් ඇති විය: “යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේ ය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවී යාම මිස වෙන හොඳ විධියක් මට නැත. එවිට සාවුල් මුළු ඉශ්රායෙල් දේශය පුරා තවදුරටත් මා සොයා යෑමෙන් මත්තට වළකිනු ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවී යෑමට මට පුළුවන් වන්නේ ය.”