මම දෙවිඳාණන්ට හඬගසන්නෙමි; සමිඳාණෝ මා ගළවන සේක.
මම වනාහි දෙවියන්වහන්සේට යාච්ඤාකරන්නෙමි; එවිට ස්වාමීන්වහන්සේ මා ගළවනසේක.
මා ඔවුන්ට ප්‍රේම කළත්, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළත් ඔව්හු මට විරුද්ධ ව චෝදනා නඟති.
විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”
මාගේ පරමානන්දය දෙවිඳුන් හට සමීප ව සිටීම ය. ඔබේ ක්‍රියා සියල්ල ප්‍රකාශ කරන පිණිස මම මහෝත්තම දෙවි ස්වාමීන් සරණ කොටගතිමි.
ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.
ඔව්හුත්, ඔවුන් සතු සියලු දෙනත් පණපිටින් ම පාතාලයට කිඳා ගියෝ ය. මිහිතලය ඔවුන් වසාගත්තා ය. සෙනඟ අතරෙන් ඔව්හු වැනසී ගියහ,