Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:33 - Sinhala New Revised Version

33 ඔව්හුත්, ඔවුන් සතු සියලු දෙනත් පණපිටින් ම පාතාලයට කිඳා ගියෝ ය. මිහිතලය ඔවුන් වසාගත්තා ය. සෙනඟ අතරෙන් ඔව්හු වැනසී ගියහ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ඔව්හුත්, ඔවුන් සතු සියලු දෙනත් පණපිටින් ම පාතාලයට කිඳා ගියෝ ය. මිහිතලය ඔවුන් වසාගත්තා ය. සෙනඟ අතරෙන් ඔව්හු වැනසී ගියහ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 මෙසේ ඔව්හුද ඔවුන්ට අයිති සියල්ලෝද පණපිටින් පාතාලයට කිඳා ගියෝය. පොළොව ඔවුන් වසාගත්තාය, එසේ ඔව්හු සභාව අතරෙන් විනාශ වූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:33
19 හුවමාරු යොමු  

අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.


“එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝ ද සියලු සීදොන්වරු ද සිටිති. ඔව්හු මැරුම්කෑ අය සමඟ බැස ගියෝ ය. ඔව්හු තමන්ගේ බලවන්තකමෙන් ඉපදවූ භීතිය ගැන ලජ්ජා වී, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, වළ පල්ලට යන්නන් සමඟ තමන්ගේ නින්දාව දරති.


“මනුෂ්‍ය පුත්‍රය, නුඹ මිසරයේ මුළු ජනගහණය ගැන විලාප ගීයක් ගයන්න. ඔවුන් සහ බලවත් ජාතීන්ගේ කාන්තාවන් ද වළ පල්ලට යන අය සමඟ පොළොවේ යට ඇති පාතාලයට හෙළන්න.


අනේ! එහෙත්, ඔබ පාතාල ලෝකයේ පතුලට ම වැටී සිටින හැටි!


බබිලෝනියේ රජු පිළිගැනීමට පාතාල ලෝකය කට අයා සිටියි. පොළොවේ සිටි බලවතුන්ගේ අවතාර ඔහු හමු වීමට අවදි වෙති. රජවරුන්ගේ අවතාර සිහසුන්වලින් නැඟිටිති.


සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.


රළ පතරට මම යට නොවෙම් වා! ගැඹුරු සමුදුරට මම ගොදුරු නොවෙම් වා! පාතාලය මුව අයා මා ගිල නොගනී වා!


දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති.


භූමිය කට අයා ගත්තේ ය. ඔවුනුත්, නිවාසත්, කෝරාගේ සියලු පිරිසත්, සකල සම්පතත් භූමිය ගිලදැමී ය.


ඔවුන්ගේ මොරගැසීම ඇසූ, අවට සිටි ඉශ්රායෙල් ජනයා, “මෙහි සිටියොත් පොළොව අප ද ගිලගන්නට පුළුවනැ”යි කියමින් එතැනින් පැන ගියහ.


එහෙත්, කෝරාගේ දරුපරපුර නොමළෝ ය.


මාගේ කෝපයෙන් ගින්නක් ඇවිළී, පාතාල ලෝකයේ ගැඹුර තෙක් ගොස් දැවී, මිහිතලය අස්වැන්න සමඟ ගිනිබත් වනු ඇත. කඳුවල පදනම් ද දැවෙනු ඇත.


අකාල මරණය සතුරන් පිට පැමිණේ වා! ඔව්හු පණපිටින් පාතාලයට යත් වා! මන්ද, ඔවුන්ගේ සිත්හි හා නිවෙස්හි දුෂ්ටකම ඇත්තේ ය.


ලී කොට කැබලිකර දමන්නාක් මෙන් ඔවුන්ගේ ඇටකටු මිනී වළේ කට ළඟ විසිරී තිබේ.


ඔබට තුති පිදීමට පාතාලයට නොහැක; ඔබට ප්‍රශංසා කිරීමට මරණයට නොහැක. ඔබ කෙරෙහි විශ්වාස කරන්න මළගියවුන්ට නොහැක.


මෙතැන් සිට කිසි ම ගසකට කොපමණ හොඳට වතුර ලැබුණත් ඒ ගස මෙන් උසට වැඩෙන්නේ නැත; වලාකුළුවල ගෑවෙන තරම් උසට වැඩෙන්නේත් නැත. ඒ සියල්ල පාතාලයේ සිටින අය සමඟ එක් වන පිණිස මැරෙන්නට නියම ව සිටින සුළු මිනිසුන් මෙන් මැරී යන්නට නියම වී ඇත.


කොටළුවා මා දැක තුන්වරක් පාරෙන් ඉවතට ගියේ ය. ඌ එසේ ඉවතට නොගියේ නම්, සත්තකින් ම නුඹ මරා දමා ඒ සතාගේ පණ බේරාගන්නට මම හිතාගෙන සිටියෙමි”යි කීවේ ය.


මම දෙවිඳාණන්ට හඬගසන්නෙමි; සමිඳාණෝ මා ගළවන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්