ගීතාවලිය 44:25 - Sinhala New Revised Version අප පොළොවේ ධූලිවලට යට වී ඇත. සිරුර පොළොවේ ඇද වැටී ඇත. Sinhala New Revised Version 2018 අප පොළොවේ ධූලිවලට යට වී ඇත. සිරුර පොළොවේ ඇද වැටී ඇත. Sinhala Revised Old Version අපේ ආත්මය ධූලියට නැමී තිබේ. අපේ උදරයද බිමට ඇලෙයි. |
යොවුන් වියේ පටන් පීඩිත ව කෙඳිරි ගාමින් මම මැරෙන්නට ආසන්න ව සිටියෙමි; ඔබෙන් පැමිණෙන දඬුවම්වල බරින් මම තැළී පොඩි වී සිටියෙමි.
ඒ කුසලාන නුඹලාට පීඩා කළ අයට එනම්, ‘අප විසින් නුඹලා පාගාගෙන යනු පිණිස බිම වැටී සිටින්නැ’යි කියමින් නුඹලාගේ පිටවල් පාරක් මෙන් සලකා ඒවා උඩින් ගිය අයට එය දෙන්නෙමි.”
රස කෑම කෑ අය අසරණ ව වීදිවල හිඳිති. රතු ඇතිරිලි පිට ඇතිදැඩි වූ අය කසළ ගොඩවල් වැළඳගෙන හිඳිති.