Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 44:24 - Sinhala New Revised Version

24 ඔබ අප කෙරෙන් සැඟවී ඉන්නේ මන් ද? අපේ විපත හා පීඩාව අමතක කරන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔබ අප කෙරෙන් සැඟවී ඉන්නේ මන් ද? අපේ විපත හා පීඩාව අමතක කරන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 කුමක්හෙයින් ඔබගේ මුහුණ සඟවමින්, අපේ විපත්තිය සහ පීඩාව සිහිනැති කරනසේක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 44:24
14 හුවමාරු යොමු  

ඔබ මාගෙන් මුහුණ සඟවාගෙන මා ඔබේ සතුරෙකු කොට ගණන් ගන්නේ මන් ද?


එතුමාණෝ මෙසේ වදාළ සේක: මම ඔවුන්ගෙන් මුහුණ සඟවාගනිමි. ඔවුන්ගේ ඉරණම කුමක් දැ යි බලමි. ඔව්හු කපටි පෙළපතකි; අවිශ්වාසී පරපුරකි.


ඔබේ එදිරිකාරයන්ගේ හඬ ද නොකඩවා නඟින ඔබේ සතුරන්ගේ කොලහල ගොස ද අමතක නොකළ මැනව.


ඔබේ නිදොස් සෙනඟ කුරිරු සතුන්ට බිලිකර නුදුන මැනව; ඔබේ අසරණයන් සදහට ම අමතක නොකළ මැනව.


මා රක්නා දෙවිඳුන් හට මම මෙසේ කියමි: “ඔබ මා අමතක කෙළේ මන් ද? සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?”


සමිඳුනි, කොතෙක් කලක් ඔබ මා අමතක කරන සේක් ද? සදහට ම ද? ඔබ මා හැර දමා අහක බලාගෙන සිටින සේක් ද?


“දෙවිඳුන් මෙතන නැත; එතුමාණන් මුහුණ වසාගෙන ඇත. කිසි කලක එය නොදකිනු ඇතැ”යි ඔහු සිතින් සිතාගනියි.


සමිඳුනි, ඔබ ඈත් වී සිටින්නේ මන් ද? විපත් සමයේ කුමට සැඟවී සිටින සේක් ද?


මාගේ දෙවිඳුනි, මාගේ සමිඳුනි, මා වෙනුවෙන් ඉදිරිපත් වුව මැනව; මාගේ නඩුව අසා, යුක්තිය ඉටු කළ මැනව.


සමිඳුනි, පිබිදෙන්න; අපට පිහිට වන්න. අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න. පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න. රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්