ගීතාවලිය 39:11 - Sinhala New Revised Version ඔබේ තරවටුවෙන් ඔබ මිනිස් පවට දඬුවම් දෙන සේක; කාවෙකු කා දමන සේ ඔබ ඔහු රිසි දෙය වනසා ලන සේක. මිනිසා නම්, සුළං රොදක් පමණ ය. Sinhala New Revised Version 2018 ඔබේ තරවටුවෙන් ඔබ මිනිස් පවට දඬුවම් දෙන සේක; කාවෙකු කා දමන සේ ඔබ ඔහු රිසි දෙය වනසා ලන සේක. මිනිසා නම්, සුළං රොදක් පමණ ය. Sinhala Revised Old Version ඔබ අයුතුකම නිසා තරවටුකිරීම්වලින් මනුෂ්‍යයාට දඬුවම්කරන කල කාවෙකු මෙන් ඔහුගේ අලංකාරය ක්ෂයකරවනසේක. සැබවින් කොයි මනුෂ්‍යයාත් නිෂ්ඵලකමය. |
එසේ නම්, පොළොවේ දූවිල්ලෙහි තනන ලද මැටි ගෙවල වසන අය ගැන කියනුම කවරේ ද? ඔව්හු කාවුන් මෙන් පොඩි කරනු ලබති.
මහෝත්තම දෙවි සමිඳාණෝ මට උපකාර කරන සේක. ‘මා වැරදිකරු ය’යි ඔප්පු කළ හැක්කේ කවරෙකුට ද? කාවුන් කාදමන පරණ වස්ත්‍රයක් මෙන් මාගේ විරුද්ධකාරයෝ සියලු දෙන ම අතුරුදහන් වන්නෝ ය.
අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ බලයෙන් ඒ පුද්ගලයාගේ ආත්මය සමිඳාණන් වහන්සේගේ දවසේ දී ගැළවෙන පිණිස, ඔහුගේ ශරීරය නාස්ති වන පිණිස ඔහු සාතන්ට භාර කළ යුතු ය.
මන්ද, සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන අය උන් වහන්සේ හික්මවන සේක; පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන් වහන්සේ දඬුවම් කරන සේක.”
එහෙත් බාලාම් තමා කළ අපරාධය ගැන තරවටු ලැබී ය. ගොළු කොටළුවෙක් මිනිස් හඬින් කතා කොට ඒ දිවැසිවරයාගේ ඔල්මාදය වැළැක්විය.
මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.