මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද? මට පිහිට නොවී මාගේ යාදිනිවලින් ඈත් ව සිටින්නේ මන් ද?
ගීතාවලිය 38:21 - Sinhala New Revised Version සමිඳුනි, මා අත්නෑරිය මැනව. මාගේ දෙවියෙනි, මා කෙරෙන් ඈත් නොවුව මැනව. Sinhala New Revised Version 2018 සමිඳුනි, මා අත්නෑරිය මැනව. මාගේ දෙවියෙනි, මා කෙරෙන් ඈත් නොවුව මැනව. Sinhala Revised Old Version ස්වාමිනි, මා අත් නෑරිය මැනව. මාගේ දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුව නොසිටිය මැනව. |
මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද? මට පිහිට නොවී මාගේ යාදිනිවලින් ඈත් ව සිටින්නේ මන් ද?
හිමි තුමාණෙනි, මා හැර දමා ඈත් නොවනු මැනව; මාගේ බලය වන ඔබ මට පිහිට වන්නට කඩිනම් වුව මැනව.
එතුමාණෝ විපතට පත් අයගේ විපතට අවමන් නොකළ සේක; එය පිළිකුල් කොට නොසිතූ සේක; ඔහු කෙරෙන් සිය මුහුණ අහකට හරවා නොගත් සේක; ඔහු හඬගැසූ කල එතුමාණෝ සවන් දුන් සේක.