මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය; ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන.
ගීතාවලිය 22:8 - Sinhala New Revised Version “සමිඳුන්ට ඔහු බාර විණි, එතුමන් ඔහු ගළවා නොගන්නේ මන් ද? සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමන් ඔහු මුදා නොගන්නේ මන් ද?” Sinhala New Revised Version 2018 “සමිඳුන්ට ඔහු බාර විණි, එතුමාණෝ ඔහු ගළවා නොගන්නේ මන් ද? සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමාණෝ ඔහු මුදා නොගන්නේ මන් ද?” Sinhala Revised Old Version ස්වාමීන්ට භාරවෙව; උන්වහන්සේ ඔහු මුදනසේක්වා; උන්වහන්සේ ඔහු කෙරෙහි ප්‍රසන්න බැවින් ඔහු මුදනසේක්වයි කියති. |
මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය; ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන.
ඔබේ ඉරණම හිමි තුමන්ට භාර දෙන්න; එතුමන් කෙරේ විශ්වාසය තබන්න; හිමි තුමන් හැම දෙය ඉටු කර දෙනු ඇත.
මාගේ සතුරෝ, ‘ඔබේ දෙවියෝ කොහේ දැ’යි නිරතුරු කියමින්, කඩුපතින් ඇන මාගේ ඉල ඇට කඩන්නාක් මෙන් නිගා කරති.
ඔබේ දුක් බර සමිඳුන් පාමුල තබන්න; එතුමාණෝ ඔබ ආරක්ෂා කරන සේක; සැදැහැවතුන්ගේ වැටීමට කිසි දා ඉඩ නොදෙන සේක.
“දෙවිඳාණෝ ඔහු අත්හැරිය සේක. ඔහු ගැළවීමට කිසිවෙකු නැති බැවින් අපි ඔහු ලුහුබැඳ අල්ලාගනිමු”යි ඔව්හු කියන්නෝ ය.
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ඔහු මට ප්‍රේම කරන්නේ නම්, මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම්, මම ඔහු රැකගන්නෙමි.
“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.
“මෙන්න, මා තෝරාගත් මාගේ මෙහෙකරුවා, මා සිත්ගත් මාගේ පෙම්වතා, මාගේ ආත්මානුභාවය ඔහුට ප්‍රදානය කරමි; එකල ඔහු විජාතීන් හට යුක්තිය දන්වයි.
ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.
තවද, “මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.
සෙනඟ ද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, “මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ.