ගීතාවලිය 22:29 - Sinhala New Revised Version පොළොවෙහි උඩඟු අය එතුමන්ට වැඳ වැටෙනු ඇත; පොළොවේ මැරෙන සුලු අය එතුමන් නමදිනු ඇත. Sinhala New Revised Version 2018 පොළොවෙහි උඩඟු අය එතුමාණන්ට වැඳ වැටෙනු ඇත; පොළොවේ මැරෙන සුලු අය එතුමාණෝ නමදිනු ඇත. Sinhala Revised Old Version පොළොවේ පුෂ්ටිමත් සියල්ලෝ අනුභවකොට නමස්කාරකරන්නාහුය. ධූලියට බසින්නෝ, එනම් තමුන්ගේ දිවි රැකගත නොහැකි අය, උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නාහුය. |
ඔවුන්ගේ නෙත් අහංකාරයෙන් ඉදිමී ඇත්තේ ය. ඔවුන්ගේ සිත් නිෂ්ඵල සිතුවිලිවලින් පිරී ඇත්තේ ය.
දේව උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවුළුණේ ය. එතුමාණෝ ඔවුන’තර සිටි සවිමත් දනන් නසා ඉශ්රායෙල් වංශයේ හොඳ ම තරුණ පෙළ වනසාදැමූ සේක.
සව් බලැති සමිඳුන් බලසම්පන්න සෙබළුන්ට දඬුවම් කරන පිණිස රෝග එවන්න අදහස් කර ඇත. ඔවුන්ගේ සිරුර තුළ නොනිවී ඇවිලෙන ගින්නක් හටගන්නේ ය.
අපේ මළ ගිය අය නැවත ජීවත් වනු ඇත; ඔවුන්ගේ මළ සිරුරු නැවත පණ ගැන්වෙනු ඇත. සොහොන්වල සැතපී සිටින සියලු දෙන පිබිද ප්‍රීතියෙන් ගී ගයත් වා! බැබළෙන පිනි පොළොව ප්‍රාණවත් කරන සේ බොහෝ කලක් මැරී සිටින අය සමිඳාණෝ නැවත පණ ගන්වන සේක.
ජෙරුසලම, පොළොව යට සිට කතා කරන්න දඟලන අවතාරයක් මෙන් ද දූවිල්ලෙන් නැඟී එන මුකවාඩමක් දමන ලද හඬක් මෙන් ද වන්නේ ය. ගැඹුරු පොළෝ තලයෙන් ඔබේ හඬ ඇසෙන්නේ ය; දූවිල්ල යටින් ඔබේ වචන නික්මෙන්නේ ය.
මාගේ මුවින් ගිලිහෙන කිසිදු වචනයක් වෙනස් නොවේ; එය සත්‍යයකි. ‘සියලු දණ හිස් මට නැමෙන බව, සියලු දිව් මා ගැන දිවුරන බව සහතික ලෙස දිවුරා කියමි.’
මුව දෙනක ඇගේ කිරි දරුවාට කිරි පොවා රැක බලන්නාක් මෙන් ජාතීහු ද රජවරු ද නුඹ රැක බලාගනිති. ස්වාමීන් වන මම නුඹේ ගැළවුම්කාරයාණන් බවත්, ඉශ්රායෙල්වරුන්ගේ බලවන්තයාණන් නුඹේ මිදුම්කාරයාණන් බවත් නුඹ දැනගනු ඇත.
ඒසව් කන්ද පාලනය කරන පිණිස ජයග්‍රාහික ව ඔව්හු සියොන් කන්දට නඟින්නෝ ය. රාජ්‍යය ද සමිඳාණන් වහන්සේගේ වන්නේ ය.”
යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පවති යි.”
එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්,