මාගේ සමිඳුනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ වෙත පැමිණ ඔබට නමදින්නෝ ය. ඔව්හු ඔබේ නාමය පසසමින් ඔබට ගරු කරන්නෝ ය.
ගීතාවලිය 22:28 - Sinhala New Revised Version මන්ද, සමිඳාණෝ රජිඳාණෝ ය, ජාතීන්ගේ පාලකයාණෝ ය. Sinhala New Revised Version 2018 මන්ද, සමිඳාණෝ රජිඳාණෝ ය, ජාතීන්ගේ පාලකයාණෝ ය. Sinhala Revised Old Version මක්නිසාද රාජ්‍යය ස්වාමීන්වහන්සේගේය. උන්වහන්සේ ජාතීන් කෙරෙහි ආණ්ඩුකාරයාණෝය. |
මාගේ සමිඳුනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ වෙත පැමිණ ඔබට නමදින්නෝ ය. ඔව්හු ඔබේ නාමය පසසමින් ඔබට ගරු කරන්නෝ ය.
මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.
ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න; දැන් මාගේ ගැළවීම ලබාගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.
හැම අමාවක් දිනක් හා සබත් දිනක් පාසා ම මට නමස්කාර කරන්න සියලු මනුෂ්‍යයෝ පැමිණෙන්නෝ ය.
සියලු ජනයන් ද ජාතීන් ද භාෂාවන් ද උන් වහන්සේට සේවය කරන පිණිස පාලන බලය ද ගෞරවය ද රාජ්‍යය ද උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේගේ පාලනය පහ නොවන සදාකාලික පාලනයක් ය. උන් වහන්සේගේ රාජ්‍යය කිසි කලෙක නැති නොවන්නේ ය.”
ඒසව් කන්ද පාලනය කරන පිණිස ජයග්‍රාහික ව ඔව්හු සියොන් කන්දට නඟින්නෝ ය. රාජ්‍යය ද සමිඳාණන් වහන්සේගේ වන්නේ ය.”
සමිඳාණන් වහන්සේ ඔවුන් තැතිගන්වන සේක; ලෝකයේ සියලු දෙවිවරුන් නැත්තට ම නැති කරන සේක. හැම ජාතීන්ගේ ම රටවල වැසියන් තම තමන්ගේ ස්ථානවල සිට උන් වහන්සේට නමස්කාර කරනු ඇත.
එකල සමිඳාණන් වහන්සේ මුළු ලෝකයේ රාජයාණෝ වන සේක. සියලු දෙන උන් වහන්සේ දෙවියන් වහන්සේ වශයෙන් නමදිනු ඇත. එක ම නමකින් උන් වහන්සේ හඳුන්වනු ලබන සේක.
සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.