ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 22:17 - Sinhala New Revised Version

මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත. සතුරෝ මා දෙස රවා ඔරවා බලති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත. සතුරෝ මා දෙස රවා ඔරවා බලති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මාගේ ඇට සියල්ල ගණන්කළ හැක්කෙමි; ඔව්හු මා දෙස රවා බලති.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 22:17
8 හුවමාරු යොමු  

ඔහුගේ සිරුර ක්ෂය වී ගොස්, හමින් වැසුණු ඇටකටු පෑදී පෙනෙයි.


පෙනුමෙන් එතුමාණෝ බොහෝ සේ අවලක්ෂණ ය. මිනිසෙකුට සමානකමක් නැත. මිනිස් රූපය නැති වී යන පමණට විරූප වීමෙන් එය සියල්ලන්ට ම පුදුමයක් වී ඇත.


ඔව්හු එහි හිඳගෙන උන් වහන්සේ මුර කළහ.


පොදු ජනයාගෙන් ද උන් වහන්සේ නිසා හඬා වැලපෙන ස්ත්‍රීන්ගෙන් ද යුක්ත වූ විශාල පිරිසක් උන් වහන්සේ පසුපස්සේ, ගමන් ගත්හ.


සෙනඟ ද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, “මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ.